අර්හත් ධජය ලෙලවමු.

කි‍්‍රකට් තර`ගාවයක් නැරඹීමට පැමිණි අති පූජ්‍ය දලයි ලාමා තුමන් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩකයන් හමුවී තමන් වහන්සේ වැඩ වසන ඉන්දියාවේ ධර්මශාලා වෙත පැමිණෙන්නැයි ආරාධනා කොට ඇත. සුවිශේෂ වූ ද , ගෞරවනීය වූ ද එම ආරාධනය පිළිගත් අපගේ කී‍්‍රඩකයෝ පළමු කොට සිය බිරින්දෑවරුන් ධර්ම ශාලා වෙත පිටත් කොට හැර පසුව ඔවුන් එහි යාමට ඉටා ගති. දලයි ලාමා තුමන්ගේ ආරාධනය ද කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ සූදානම ද දැනගත් ශී‍්‍ර ලංකාවේ රජය වහාම ඒ ගමන නිල වශයෙන් තහනම් කළේය.

ශී‍්‍ර ලංකාවට හෝ එහි නායක කාරකාදීන්ට දලයි ලාමා ත.ුමන් ගැන හෝ උන්වහන්සේගේ බෞද්ධ නායකත්වය සමග හෝ කිසිදු අමනාපයක් තිබිය නොහැකිය.එ
හෙත් මේ තහනම පැනවෙන්නේ ඇයි? ටිබෙට් රටේ ස්වාධීනත්වය වෙනුවෙන් දලයි ලාමා තුමන් කරන කාර්ය භාරය නිසා චීනයට උන්වහන්සේ සමග ඇත්තේ බලවත් අමනාපයකි. එහෙයින් උන්වහන්සේ හා කරන කිසිදු ගනුදෙනුවක් චීනය නොඉවසයි. එහෙත් බොහෝ රටවල් චීනයේ මෙම නොඉවසීම තුට්ටුවකට ගනන් ගන්නේ නැත. දලයි ලාමා තුමන් කැනඩාවට ඇමෙරිකාවට හෝ වෙනත් බටහිර රටකට පැමිණෙන විට සුවිශේෂ රාජ්‍ය අමුත්තෙකූ සේ සැලකුම් පුද පූජා ලබයි.

එහෙත් බෞද්ධ රටක් වීත් , ශී‍්‍ර ලංකාව දලයිලාමා තුමන්ට දළදා වඳින්ටවත් එන්නට ඉඩ දෙන්නේ නැත. මක් නිසාද යත් චීනය අමනාපවේ යැයි බියෙනි. කලක් තිස්සේම චීනය හා ශී‍්‍ර ලංකාව අතර මිතු දහමක් තිබෙන බව සැබෑවකි. එහෙත් ඒ මිතුරුදම නිසා තම රටේ ස්වාධීනත්වය බිල්ලට දිය යුතුද?

අද වන විට ලංකාවේ පවතින අමනෝඥ විදේශ ප‍්‍රතිපත්තිය නිසා බටහිර රටවල් බොහොමයක් අමනාපව සිටී. ඉතිරිව ඇත්තේ චීනය, ඉන්දියාව වැනි රටවල් කිහිපයක් පමණි.ඒ ටික හෝ රැුක ගන්නට ආණ්ඩුව මහත් වෙහෙසක් දරයි. දලයිලාමා තුමන්ට ශී‍්‍ර ලංකාවට අුැතුලූ වන්නට ඉඩ නොදෙන්නේත් ඒ නිසාමය.

නිදහස දිනා ගන්නට ටික කලකට ඉහතදිී තායිලන්ත රජතුමෙක් රන් රිදියෙන් තැනූ පූජා භාණ්ඩද රැුගෙන දළදා වඳින්නට අප රටට පැමිණියේය. දළදා වැඳ පුදාගත් රජතුමාට සිය මහත් භක්තිය නිසාම දළදා වහන්සේ තම දෝතට ඉල්ලා සිටියේය. කිසිදාක තිබූ තැනින් නොසොල්වන දළදා වහන්සේ රජු අතට දීම දියවඩන නිලමේ විසින් ප‍්‍රතික්ෂෙප කරන ලදී.එයින් කෝපයට පත් තායිලන්ත රජතුමා පූජා කිරීමට ගෙනා පූජා භාණ්ඩද රැුගෙන ආපසු ගියේලූ. මොන ජගතෙකු ඉදිරියේවත් නොසෙල්වෙන ප‍්‍රතිපත්ති ගරුක බවක් එදා පාලකයන් සතුව තිබූ බවට උදාහරණයකි එය.

බුදුරජාණන් වහන්සේගේ නිශ්ක්ලේෂී වාග් ධාරාව ලොව පුරා බෙදාහරින වත්මන් යුගයේ ධර්ම ප‍්‍රචාරකයාණෝ දලයි ලාමා තුමන්ය. අවරදිග බෞද්ධ ප‍්‍රබෝධයේ නියමුවා උන්වහන්සේය. එවන් උතුමෙකු විෂයෙහිවත් අපට රටක් වශයෙන් කාරුණික විය නොහැක්කේ අවිනය, ¥ෂණය ,නාස්තිය, අසීමාන්තික දේශපාලනීකරණය ආදිය නිසා රට පිරිහී ඇති නිසා නොවේද?

මේ එළඹෙන්නේ අසිරිමත් වෙසක් සමයයි. අලූත් අවුරුද්දටත් වඩා වෙසක් උත්සවය අපට වැදගත් වන්නේ එය අපගේ පොහොසත් ශිෂ්ඨාචාරයට පාර කැපූ හෙයිනි. තමන් බෞද්ධවීම ගැන තැවෙන අයෙක් ඇත්නම් ඒ ධර්මය හා තමන්ට ලැබුණු දායාද ගැන නොදන්නාකම නිසා සිදුවන්නකි.

බුදුරජාණන් වහන්සේ සංසාරික දුක පිළිබඳව පදනම්ව ධර්මය දේශනා කළත් සංසාරික ගමනේදි සැබෑ මනුෂ්‍යයෙකු ලෙස ජීවත්වීමේ පිළිවෙල සිය සද්ධර්මය තුළින් මැනවින් පහදා දුනි. උසස්ම ජන්ම සාධක පහක් පදනම් කොටගෙන ලොව බිහිවුණු උන් වහන්සේ ‘සතරඅතින් ආවාවූ නොආවාවූ’ විවිධ ජාති ආගම් කුල වලට අයත් සංඝයා ඇතුලත් කොට තමන් වහන්සේ නායකත්වය දැරූ සංඝ සමාජය නිර්මාණය කළේ්ය. සමානත්වය රැුජයූ එම සංඝ සමාජය එක්තරා ආකාරයක මෘදු සමාජවාදී ආදර්ශයකැයි ඇතැම් දේශපාලන විචාරකයින් පවසයි.

තම සමාජයට විශාල මෙහෙවරක් කල ඉන්දියානු විද්වතකුවු ආචාර්ය ඇම්බෙට්කාර් තමාද ඇතුලත් කුලහීන හරි ජනයාට හින්දු ආගම විසින් කරන නොපනත්කම් නිසා ලක්ෂ සංඛ්‍යාත තම වර්ගයා සමග හින්දු ආගම හැරපියා බුදු දහම වැළඳ ගත්තේය. ඒ වන විටත් ඉන්දියාව තුල පැතිරුනු විශාල ආගම් සමූහයක් පැවති නමුත් බුද්ධිමත් ආචාර්ය ඇම්බෙට්කාර් බුදු දහම තෝරා ගත්තේ ඒ තුල අන්තර්ගත කුල විරෝධී ආස්ථානය නිසාය. පි`ඩු සි`ගා යන වීදියේ කුලවතුන්ගෙන්ද, කුලහීනයන්ගෙන්ද, දුප්පතුන්ගෙන්ද, පොහොසතුන්ගෙන්ද, දන් පිළිගත් බුදු හිමියන් ඇතුලූ මහා සංඝයා සියල්ලට සම සිතින් ඒ දන් වැළªහ. එහෙත් අද උන්වහන්සේ නමින් කි‍්‍රයාත්මක ලාංකීය බුදු දහම නිකාය වශයෙන් ප‍්‍රධානව තුනකටත් , අනු නිකා වශයෙන්ම තිස් ගනනනකටත් බෙදී ගොසිනි. මේ බෙදිීම්වල ප‍්‍රධාන සාධකය වී ඇත්තේ ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක කුලයයි.

බුදුන් වහන්සේ ඉපදුනේ මීට වසර දෙදහස් පන්සියයකට පමණ පෙරාතුවය . නිශ්ක්ලේශී බුදු මුවින් වදාළ ශී‍්‍ර සද්ධර්මය ත‍්‍රිපිටකය ආදි ග‍්‍රන්ථ තුළ තැන්පත්ව තිබේ. ඕනෑම විෂයයකට අත් වන ඉරණමක් පරිද්දෙන් බුදු දහමද අප‍්‍රමාණ විකෘති කිරීම් වලට බඳුන් විය. ඒ විකෘති කිරීම් වලින් නැවත මුල් බුදු සමය ෝරා බේරා ගත්තේ බුදු මුවින් වදාල ශී‍්‍ර සද්ධර්මය මැනවින් ලැදිව හදාළ ප`ඩිවරුන් විසිනි. ධර්ම සංගායනා වශයෙන් බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන්නේ එවැනි පීලි පැනිලි වලින් බුදු දහම බේරාගත් අවස්ථාවන්ය.

වල් වැදී තම තමන්ගේ අර්ථ කථන මත පැවතුණු ශී‍්‍ර ලංකාවේ බුදු දහම නැවත හරි මගට ගැනීමට පුලූල් උත්සාහයක් දැරුණේ වැලිවිට සරණංකර සඝරාජයන් අතිනි. එසේ උපසම්පදාව නැවත ලබාදීමෙන් පසු ධර්මයෙහි මනාව ඇලී ගැලූණු භික්ෂු පරම්පරාවක් අප සමාජයට හිමිවිය. එහෙත් නිදහසින් පසු යුගයේ දේශපාලනඥයන් විසින් සංඝයා වහන්සේලා තම අරමුණු සඳහා දඩමීමා කර ගැනීමේ වර්තමාන ප‍්‍රථිඵලය වී ඇත්තේ තුමූම තර`ග කොට පාර්ලිමේන්තුවට යාම දක්වා භික්ෂූන් වහන්සේලා පිරිහීමයි.

අප කුඩා අවධියේ සපුමලින් අරලිය මලින් නැගෙන සුදු මුදු සුවඳ වෙසක් සුළ`ග ඔස්සේ අප නාස් තුඩු සිසාරන විට ඒ ශාන්තිවාදි සුවඳ බුදු සුවඳ ලෙස අප සන්තාන කර ගත්තෙමු.උණ ගස් කපා පාන් පිටි තනා වෙසක් කූඩු හැදුවේ තර`ගයට නොව සැබෑ බුද්ධ භක්තියෙනි. විහාර මලූ විවිධ වයස්වලට අයත් උපාසක උපාසිකාවන්ගෙන් පිරී පැවැතිණි.සංහිඳියාව පැවතුණු ඒ යුගයේ පදනම වූයේ සිංහල ගැමි බුද්ධාගමයි.

තිස් අවුරුදු යුද්ධයක් විසින් ලංකාවේ අප‍්‍රමාණ සාර ධර්ම විනාෂ කෙරිණි. ඝාතනය හා ඝාතන උපකරණ එදිනෙදා ජීවිතයේ පරිහරණය සාධාරණීකරණය කෙරිණි. මේ රලූ වටපිටාවට හරියන දේශපාලකයන්, උගතුන් , බිහිවිය. ගමේ පන්සල විසින් එතෙක් පවත්වාගෙන ආ සමාජ නායකත්වයට කණ කොකා හැ`ඩින. භික්ෂුන්ද අරගල මාවතට පිවිසිණ. පන්සලේ සිය දායකයන් සමග සිටිනවාට වඩා විහාර මහා දේවී උද්‍යානයේ සත්‍යග‍්‍රහවලට පෙළපාලිවලට සහභාගිවීම් වැඩිවිය. ගමේ පන්සලේ ශාන්තිවාදි ආලෝකය නිවිණි.

දැන් බෞද්ධයන් වශයෙන් අප කළ යුත්තේ අර්හත් ධජය අවියක් ලෙස පාවිච්චි කිරීම නොව විනාෂ වී ගිය බුදු දහමේ ශාන්තිවාදී ආලෝකය නැවත උපදවා ගැනිීමයි. බුදුන් වහන්සේ විසිනුත් , මුල් බුදු සමය විසිනුත් ප‍්‍රතික්ෂේප කරන ලද සකල විධ බෙදීම් වෙනුවට එකිනෙකා මත පෝෂණය වෙමින් බුදු දහමේ සැබෑ හරය සමාජගත කිරීමයි. ලාමා දහමින් වේවා , සෙන් බුදු සමයෙන් වේවා, ථෙරවාදයෙන් වේවා ඒ හැම දහමක්ම ලැදිව හදාරමින් එළඹෙන ලෝකයේ අරහත් ධජය මැනවින් ලෙල දෙවීම ශාන්තියක්ම වනු නිසැකය.

සංස්කාරක