අරුතක් සොයන ශ‍්‍රී ලංකාවේ නිදහස

පෙබරවාරි 04 වන දින ගෙවී ගියේ ශ‍්‍රී ලංකාවේ 63 වන නිදහස් දිනයයි. නිදහසත් සමග හිතන පතන මිනිසුන්ට, ලෝකයේ අනෙකුත් රටවල් සමග සන්සන්දනය කරමින් අපේ රට මේ හැට තුන් වසර තිස්සේ ලබා ගත් ප‍්‍රතිලාභයන් කවරේදැයි සිතා බැලිය හැකිය. සාමාන්‍යයෙන් ලෝකයේ ප‍්‍රබුද්ධ ජාතීන් නිදහස සඳහා වූ අරගලයත්, ඉනික්බිති ලබන නිදහසත් ජාතික රාජ්‍යයත් දිනා ගැනීම උදෙසා යොදා ගනී.
අධිරාජ්‍යවාදීන් බොහෝ විට කරන්නේ වඩාත් උපරිමයෙන් යටත් රාජ්‍යයේ සම්පත් සූරා කෑම පහසුවීම උදෙසා යටත් විජිතයේ පාවිච්චි කළ හැකි සෑම දෙයක්ම පාවිච්චි කිරීමයි. කුලමල උඩ පහතරට බේද, ආගම් බේද, ජාති් බේද මේ සියල්ල තව තව දර දමමින් ඔවුන් අවුලවයි.
ලංකාවේද එලෙසින්ම පහත රටුන්, උඩ රටුන්ට එරෙහිවත්, කුලයන් අනෙකුත් කුලයන්ට එරෙහිවත්, සිංහල ජාතිය දෙමලූන්ට එරෙහිවත් කොටවා ඒ සෑම වර්ගයකම තමනට් නම්මා ගත හැකි පිරිස් නම්මා ගෙන සිය අභිලාෂයන් ඉටු කරගත්හ.
එහෙත් එකක් කිව යුතුය. කි‍්‍ර.ව 1065 දී රජ බවට පැමිණි 1 වන විජයබාහු විසින් උතුරු නැගෙනහිර ද ඇතුලූව එක්සේසත් කරන රාජ්‍යය ඔහුගේ රාජ්‍යත්වයෙන් කලකට පසු විනාෂවී ගොස් රාජ්‍යයන් කිහිපයක් ඇති විය. නමුත් 1815 මාර්තු 2වන දා උඩරට රාජ්‍යය බි‍්‍රතාන්‍යයට යටත් වීමත් සමග නැවතත් එක් රාජ්‍යයක් යටතේ පාලනය වීමට සැලැස්විණි. 1818 හා 1848 කැරලි මගින් එම පාලනය යම් අර්බුදයකට ලක්වුවත් ඒවා වලක්වා ගැනීමට ඉංග‍්‍රීසි පාලනය සමත් විය. කෙසේ හෝ 1948 පෙබරවාරි 04 වන දා බි‍්‍රතාන්‍ය පාලනය විසින් ලබා දුන් නිදහසත් සමග ස්වදේශීය පාලකයන් වෙත ලැබුණේ එක්සේසත් රාජ්‍යයකි.
නිදහස පිළිබඳ උද්ඝෝෂණය මතු වූයේ 1935 ලංකාවේ බිහිවූ වාමාංශික ව්‍යාපාරය තුළිනි. එම ව්‍යාපාරය තුළ ජාතිවාදයට ඉඩක් නොවූ අතර සෑම ජාතියකම නියෝජනයක් එම ව්‍යාපාරය තුළ අන්තර්ගත විය. වාමාංශික ව්‍යාපාරය ඇදුනේ නිදහස දිනාගැනීමේ අරගලකාරී මාවතකටය. එහෙත් එනපොට හොඳ නැති බව දැනගත් බි‍්‍රතාන්‍ය පාලකයෝ තමන් විසින් කිරිපොවා හැ¥ නායකයන් පිරිසකට ගෞරවය විතැන් වනසේ ලංකාවට අර්ධ (ඩොමීනියන්* නිදහසක් ලබා දෙමින් තමන්ගේ දේපල අයිතිය හා සූරාකෑමේ අයිතිය තහවුරු කර ගත්හ. 1970 සමගි පෙරමුණු ආණ්ඩුව රන් පවුම් වතු ජන සතු කරනතෙක්ම බි‍්‍රතාන්‍යයන් සතු වූ ප‍්‍රධානතම ආර්ථික ව්‍යවසාය නිදහසේ පාලකයන් විසින් බි‍්‍රතාන්‍යයන් වෙනුවෙන් ආරක්‍ෂා කෙරිණි.
බි‍්‍රතාන්‍යයන් නිදහසේ පාලකයන් වෙත ලබා දුන්නේ ජාතින් අතර විශාල ගැටුම්වලින් තොර එක්සත් ශ‍්‍රී ලංකාවකි. එපමණක් නොව සුළු ජාතියට මහා ජාතිය වෙතින් අසාධාරණයක් වේය යන පූර්ව විනිශ්චයේ පිහිටා 1948 ව්‍යවස්ථාවට 29 වන වගන්තිය ඇතුලූ කරමින් එසේ නොකිරීමට හැකි කොන්දේසි පැනවීය.
එහෙත් බි‍්‍රතාන්‍යයන් පාලන බලයෙන් ඉවත්වී වසර හතරක් ඇවෑමෙන් 50 ට 50, පෙඩරල් වාදය ආදී ව්‍යාපාර උතුරු කරයෙන් බිහි විය. නිදහසින් වසර දහයක් ගෙවුණු තැන ලේ වැගිරුණු සිංහල දෙමළ කෝලාහලය ඇතිවිණි. ඒ ආදී වශයෙන් වාර්ගික ගැටුම්වලින් පිරි ශ‍්‍රී ලංකාව වෙනම රාජ්‍යයක් බිහිවීමේ මුවවිටටම පැමිණුනි. 2008 වසරේ මැයි මස පරාජය කෙරුණේ ඒ ව්‍යාපාරයයි.
1958 දීත් 1978 දීත් සිය ගණන් ජීවිත ජාතිවාදය වෙනුවෙන් විනාශ විය. 1983 දී ආරම්භ වූ 2008 අවසන් වූ ඊලාමක් දිනාගැනීම සඳහා වූ දෙමළ අරගලය සිංහල දෙමළ ලක්‍ෂ ගණනක් ජනයාට මරණය කැඳවීය. මේ නිදහසින් පසු ජාතික ප‍්‍රශ්නය කළමනාකරණය කර ගැනීමට අපොහොසත් වීමේ කතාන්කරයයි.
1960 වර්ෂයේ දී එවකට ළදරු සිංගප්පුරුවේ නායක ලී ක්වාන් යූ ලංකාවට පැමිණියේය. ඔහු ආපසු සිංගප්පුරු ගොස් තම සගයන්ට හා ජනයාට පැවසුවේ අප ලංකාව පරමාදර්ශය කොට දියුණු විය යුතු බවය. එහෙත් සිංහප්පුරුව තමන්ගේම ක‍්‍රමයකට එක එල්ලේම දියුණු විය. සිංගප්පුරුව දියුණු කිරීමට ලංකාව ආදර්ශයට ගත යුතු යයි කියූ ලී ක්වාන් යූට ඊට අවුරුදු තිහකට පසු කියන්නට සිදුවූයේ රටක් විනාශ වන ආකාරය තේරුම් ගැනීමට නම් ලංකාව දෙස බලන ලෙසයි.
දැන් අප 1977 ජේ. ආර්. ගෙන් ඇරඹී අද රාජපක්‍ෂ පාලනයත් සිය සිහින ගොනු කරන්නේ කවදා හෝ ලංකාව සිංගප්පුරුවක් කරන්නෙමැයි ජනයාට පොරොන්දු දෙමිනි.
දිනෙන් දින බිලියන ගණනින් ඉහළ යන අය වැය පරතරය කියාපාන්නේ ආර්ථිකයේ තරමයි. දේශපාලනයේ හතර මායිමට වැද්ද නොගත යුතු චණ්ඩින් ගෙවී ගිය දශක කිහිපයේ රට පාලනය කළේය. නිදහසට පෙර ලැබුණු නිදහස් අධ්‍යාපනයට කණ කොකා අඬමින් පවතී.
ජාතිය ගීය ගයන්නේ සිංහලෙන් ද දෙමළෙන් ද ඒ දෙකෙන්ම ද යන්න හැට තුන් වසරකට පසුවත් තවමත් විවාද පන්න කාරණයකි.
ඩව්බිගින් නම් පොලිස් ලොක්කෙකුගේ නොපතන්කම් ගැන නිදහසට පෙර යුගයේ අප අසා තිබේ. එහෙත් එවැනි නව පොලිස්කාරයන් ගැන නිදහසට පෙර අප අසා නැත. ඩව්බිගින්ගේ මුරණ්ඩුකම් නවතන්නට යයි පැවති උද්ඝෝෂණ හේතුවෙන් ඔහුව ගෙදර යැව්වේ යටත් විජිත ආණ්ඩුව විසිනි. එහෙත් නිදහසින් පසු යුගයේ ඩබ්බිගින්ලා වැනි තන්කඞීන් කී දෙනෙක් බිහිවිණිද…? මෑත කාලයේ පොලිසියේ අපරාධ පරීක්‍ෂණ අංශයේ ලොක්කාගේ පුත‍්‍රයා තමන් ඉගෙන ගන්නා අධ්‍යාපන ආයතනයේ සිසුවකු අතර වූ ආරෝවක් කෙලවර වුණේ පොලිස් ලොක්කා, බිරිඳ හා පොලිස්කාරයන් ද ඔහුට වදහිංසා කරමිනි. එහෙත් අදටත් ඒ පොලිස් ලොක්කා යහතිනි.
එදා ි චණ්ඩි කිහිප දෙනෙක් ගැන පමණක් අපි දැන සිටියෙමු. ඒ සියල්ලටමත් අවසානයේ යටත් විජිත නීතිප‍්‍රකාරව දඬුවම් ලැබිණි. උතුවන්කන්දේ සරදියෙල් එවැන්නෙකි. එහෙත් අද ප‍්‍රාදේශීය මන්ත‍්‍රීවරයාගේ සිට මුදුනට සෑම දේශපාලකයෙක්ම එක චණ්ඩියෙක්වත් නඩත්තු කරයි. ඇතැමුන්ට චණ්ඩි රංචු වශයෙනි. බලූ රංචු වැනි චණ්ඩි රංචු පවත්වාගෙන යන ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරු දෙදෙනෙක් සහ ඇමතිවරයෙක් නිදහසේ විලාපය නම් වූ නිදහස් දින විරෝධතා ව්‍යාපාරය කඩා කප්පල් කළේ තම චණ්ඩි රංචු මැදිහත් කරගනිමිනි. එමෙන්ම ඊට පෙරදා සුප‍්‍රකට වෙබ් අඩවියක් වන ඊ නිවුස් කාර්යාලය ගිනිබත් කළේ ද මේ මුදාහැරි චණ්ඞීන් විසිනි.
මේ නිදහසේ හැට තුන් වසරක ස්වාධිපත්‍යය යටතේ සිදුවන විපුකාරය. ඇති නැති සෑම කෙනෙක්ම රටින් පිටවී කැනඩාව වැනි රටවලට ඒමට තානාපති කාර්යාල ළඟ පෝලිම් ගැසෙති. ඉන්දියාව 35 දෙනෙකුගේ කැබිනෙට්ටුවකින් 80 කෝටියක් ජනයා පාලනය කරති. එපමණක් නොව ඒ කුඩා කැබිනෙට්ටුව විසින් ඉන්දියාව ලෝකයේ දියුණුම රටවල් පහ අතරට ගෙනෙමින් පවතී.
එහෙත් දෙකෝටියක ජනකායක් පාලනය කිරීමට ශ‍්‍රී ලංකා රජය 103ක කැබිනෙට්ටුවක් පවත්වාගෙන යයි. ඒත් තේ පොල් රබර් අපනයනයෙන් විදේශ විනිමය සෙවූ රට පොලූත් පිටරටින් ගෙන්වමිනි.
අවිනය, අශීලාචාරකම විසින් සමස්ථ දේශපාලන පරිසරයම විකෘතව ගොසිනි. බි‍්‍රතාන්‍ය විසින් ලබා දුන් අධිකරණ ක‍්‍රමය සාධාරණව යුක්තිය පසිඳලමින් සැලකිය යුතු කාලයක් හොඳින් ක‍්‍රියාත්මක විය. එහෙත් වසර තිහක් පමණ තිස්සේ කෙමෙන් කෙමෙන් විනාශ මුඛයට ගොස් අද අධිකරණ සේවාව ඉතාම නරක බිහිසුණු අඩියකට පත්ව තිබේ.
පරිපාලන සේවය, වෛi, ඉංජිනේරු, අධ්‍යාපන සේවාවන් ද මීට දෙවෙනි නැත..
සෙක්කුව වටේ කැරකෙවන ගොනා මෙන් යහපත් රටක ජීවත්වීම උදෙසා දේශපාලකයන් ලස්සණට මවා දුන් සිහින පිටුපස හැටතුන් වසරක්ම ශ‍්‍රී ලාංකික ජනතාව ගෑටුවේය. එහෙත් අවසානයේ ගොනා ද සෙක්කුව ද අබලන්ව ඇත.
සංස්කාරක