මම ගම (මාරස්සන), නගරය (මහනුවර) , අගනගරය (කොළඹ) හා මහා නගරය (ටොරොන්ටෝ) යන ලෝකයේ පවත්නා එකිනෙකට වෙනස් මිනිස් හැසිරීම් හඳුනාගත හැකි ඒකක හතරේම ජීවත් වූවෙක්. ඇත්තටම කිව්වොත් එක ඒකකයකින් අනෙකට විස්ථාපනය වූවෙකැයි කියන්න පුළුවන්. මගේ නිර්මාණ ආර සකස් වෙන්නේ එකකවත් හරියට ස්ථාපිත වෙන්න බැරි වූ , ඒ ගැන යම් සාංකාවක් නඩත්තු කරන කෙනෙක් විදිහට. මම මින් වැඩි කාලයක් ජීවත් වුනේ මහා නගරය කියන ඒකකය තුල. එතැනට මුලූ ලෝකයම පෙනෙනවා. මුලූ ලෝකයම දැනෙනවා. හරියට වේදිකාවක් උඩ ඉන්න කෙනෙක්ට ප්‍රෙ`්ක්ෂාගාරය පෙනෙනවා වගේ. මුලූ ලෝකයේම චර්යා පද්ධතීන් හෙලිකොප්ටර් දෘෂ්ටියකින් (Helicopter Vision) දකින්න පුලූවන්.
මගේ ‘මෙරු’ නවකතාවට තේමා වන්නේ ගම කියන ඒකකයට මා තෘප්තිමත් කිරීමට නොහැකි වූ හේතු කාරණා පිළිබඳ සංවේදනාවන්. 1960 දශකයේ මැද භාගය පමණ වන විට ගම කියන ඒකකයේ එතෙක් තිබූ වර්ණනා විෂයක‍්‍රාන්තික බව පුපුරා යාම ආරම්භ වෙනවා. 1971 සිදුවූයේ එහි මහා පැල්මයි. ගම වේගයෙන් දේශපාලනීකරනය වෙනවා. ගම නගා සිටුවීමේ සෑම ප‍්‍රයත්නයක්ම උත්තරයක් නොවී යළිත් ප‍්‍රශ්නයක් බවටම පත්වෙනවා. ගමේ වසන සාමාජික තරුණයා එහි තමන්ට නොලැබෙන ජීවිතය සොයා වල්මත්ව හසරක් සොයා යන ගමන ‘මෙරු’ නවකතාව තුලින් ප‍්‍රකාශයට පත් කෙරෙනවා කියන්න පුළුවන්.
ලංකාවට නිදහස තෙක් පැවති යටත් විජිතවාදය යුරෝපයේ නැගී එමින් පැවති ධනේෂ්වර ක‍්‍රමයේ සමහර අංග (සර්වජන ඡුන්දය, පවුල් පසුබිම නොව මනුෂ්‍ය හැකියාවන්ට මුල් තැන දෙන අධ්‍යාපනය, යුක්තියට මුල්තැන දෙන අධිකරණය ආදී) අප වෙත ලබා දෙනවා. එහෙත් නිදහසින් පසු ධනවාදය වෙත යන ඒ අඛංඩ ගමන යළිත් වැඩවසම් ක‍්‍රමයේ ඇතැම් අංග සියුම්ව කාන්දු වෙමින් කිළිටි වෙනවා. ගම මේ දෙමුහුන් විකාරයේ ගොදුරක් බවට පත්වීම හරහා ඇතිවූ පරාරෝපිත ගම තමයි මෙරු නවකතාවෙන් නියෝජනය වෙන්නේ. එහි ප‍්‍රධාන කථකයා සාමාජික ජීවිතයක් ද , පේ‍්‍රමනීය ජීවිතයක් ද සොයා අක්මුල් සිඳ ගෙන වල්මත්ව යන ගමන ‘මෙරු’ තුල නිරූපණය වෙනවා.
‘‘මම පාසල් අවධියේම සමසමාජ ව්‍යාපාරයට ආකර්ෂණය වූ කෙනෙක්. ලංකාව බිහිකළ ශ්‍රේෂ්ටතම දේශපාලකයන්ගෙන් සමන්විත වූ ඒ ව්‍යාපාරය එකළ විකල්ප විශ්ව විද්‍යාලයක් තරම් දැනුම උකහා ගත හැකි තැනක්. මම ලෝකය පිරිසිඳ දැකීමට කවුළුවක් නිර්මාණය කරගන්නේ ඒ ඇසුරෙන්. ජාතිකවාදය ප‍්‍රධාන තෝරාගැනීමක් කර ගන්නට පොළඹවන වටපිටාවක් සහිත පාසලක අධ්‍යාපනය ලැබුවා වුවත් කිසිදාක ජාතිවාදය වෙත නැඹුරු නොවීමට බලපෑවේ ඒ දේශපාලනික හැදියාවයි.
1983 ජාතීන් වශයෙන් ඇණ කොටා ගැනීමේ ම්ලේච්ඡු මනුස්ස හැසිරීම මම දැසින් දැක්කා. අදටත් මට එදා දුටු දේ හිතින් බැහැර කරන්න බෑ. ඒ දෝංකාර දෙන පහ්චාත්තාපී හැඟීම සහිත පසුබිමකයි ‘පේ‍්‍රමානිශංස ’ ලියවෙන්නේ. 1990 පමණ ආර්.පේ‍්‍රමදාස ආණ්ඩුව ‘රාජ්‍ය නොවන සංවිධාන විමර්ෂන කොමිසම’ නමින් කොමිසමක් හැදුවා. එම කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් ප‍්‍රවීන රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වූ ස්ටැන්ලි ජයවීර මහත්මයාගේ සාක්ෂිය පදනම් කරගෙනයි එම නවකතාව ලියන්නේ.
‘‘ජයවීර මහත්තයා විදේශ අමාත්‍යාංශයේ උසස් තනතුරක් දරණ සමයේ යාපනයේ වාමාංශික ක‍්‍රියාධර වැඩිහිටියෙක් බටහිර රටකට පදිංචියට යාමට වීසා ලබාගැනීම සඳහා වන පූර්ව අවශ්‍යතාවයක් ඉටුකර ගැනීම සඳහා සිය තරුණ දරුවන් සමඟ එතුමා හමුවෙනවා. ඔහුගේ දරුවන් තිදෙනා නම් වශයෙන් කැස්ට්‍රෝ , ලෙනින් හා රෝසා. ජයවීර මහත්තයා මේ වැඩිහිටියාට සිනාසෙමින් කියනවා මෙහෙම දෙයක්. -ලෝකයේ මහ වෙනසක් කළ තුන් දෙනෙක් මගේ මේ පුංචි කාමරේ- කියලා. එවිට අර දෙමළ වැඩිහිටියා මෙහෙම උත්තර දෙනවා. -ඒක තමයි අපිට තරම් ලොකු රටකට යන්න හදන්නෙ’’ කියලා.
ඒ ප‍්‍රකාශයේ ඇඟවුම් කාරක ගණනාවක් තියෙනවා කියලා මට හිතුනා. ඒ උත්තරයයි මා ‘වනසපුමල’ නවකතාව සඳහා පෙළඹ වූයේ. එම නවකතාවට 1992 ඞී.ආර් විජේවර්ධන සම්මානය හිමිවුනා. එම නවකතාව ්‍යදිඒටැ ජසඑහ නමින් විජිතා ප‍්‍රනාන්දු මහත්මිය ඉංග‍්‍රීසියටත් පරිවර්තනය කළා.
ඒ නවකතා දෙකම මට යම් ස්ථානයක් ලංකාවේ සාහිත්‍ය සමාජය තුළ ස්ථාපිත කරන්න හේතු වුනා යයි කියන්න පුළුවන්. පළමු නවකතාව ‘මෙරු’ අදාළ වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයේ ජයග‍්‍රාහි සම්මානයට අමතරව පිරිනැමූ ප‍්‍රශස්ත නවකතා දෙකෙන් එකක් විදිහට තේරුණා. අනෙක් නවකතාව සයිමන් නවගත්තේගමයන්ගේ නවකතාවක්. මගේ සාහිත්‍ය ගමන දිගින් දිගට ගෙන යාමට මේ ඇගයීම හේතුවෙන්න ඇති.
ගුණදාස අමරසේකරගේ ගන්ධබ්බ ආපදානය කෘතිය මගේ සම්, මස්, නහර, ඇට,ඇට මිදුළු තුලට කාවැදුනු නවකතාවක්. එහි රීටා එක්තරා ආකාරයකට එය ලියවුණු යුගයේ පේ‍්‍රමය උත්තරාරෝපිත වූ ආකාරයේ විශිෂ්ට නිරූපණයක්. එහි දෙලොවක් අතර සිටින පේ‍්‍රමවන්තයා වන ගුණරත්න සිංහල රාජ්‍ය භාෂාව වීම නිදහස් අධ්‍යාපනය ආදිය නිසා විවර වූ සමාජ ඉනිමගේ ඉහලට නගින සංකේතාත්මක තරුණයාගේ නිවැරැුදි නිරූපණයක්.
ගන්ධබ්බ ආපදානයේ රීටා හා ඇගේ අභ්‍යන්තරික වැලපුම මහත් වූ කම්පක ගුණය ගැබ්වුණු භාෂාවකින් අමරසේකර චිත‍්‍රනය කරනවා. මගේ මෙරු පොත ලියනකොට අමරසේකරගේ භාෂාවේ කම්පක ගුණය මම මගේ ආඛ්‍යානය තුලට ඇතුලූ කරගන්න උත්සාහ කළා. එතැන් සිට ලියවුණු සෑම කෘතියකම පාහේ භාෂාවේ කම්පක ගුණය රැුකගන්න මා උත්සාහ කළා.
සාමාජික මිනිසාගේ සෑම ආධ්‍යාත්මික විෂයයකම සමාජ දේශපාලන හැඩරුවක් තිබෙන බවයි මම විශ්වාෂ කරන්නේ. ආගමට පේ‍්‍රමයට පවා ඉන් ගැලවෙන්න බෑ. පේ‍්‍රමය පිළිබඳ මූලික වේදිතය ක‍්‍රියාත්මක තලයට එන්නේ මේ ‘යථ’ හරහා. බටහිර ලෝකයේ ක‍්‍රියාත්මක පේ‍්‍රමය නිදහස් එකක්. එය ඒ රටවල් අත්පත් කරගෙන ඇති සාමාජික නිදහසේ ආනුභාවයට යටත් වූ දෙයක් බවට පත්වූ අලංකාර දෙයක් බවට පත්වී තිබෙනවා. ඒ විචිත‍්‍ර බව පසුබිමේ තියෙන්නේ ලිබරල්වාදී චින්තාවන් විසින් ලබාදුන් මනුෂ්‍ය නිදහසේ ගතිකයන්. අපේ පේ‍්‍රමය වටා කුලය, ධනය, තරාතිරම, කවච ලෙස ක‍්‍රියා කරන්නේ අපේ සමාජයේ වැඩවසම් හා ලූම්පන් සමාජ දේශපාලන ස්වරූප නිසා. මගේ ‘පේ‍්‍රමානිශංස’ නවකතාවේ තේමාව වෙන්නේ මෙන්න මේ කාරණය කිව්වොත් නිවැරදියි.
මෙම නවකතාවේ ‘මුතු’ හා ‘ආනන්ද ’ කුමාරස්වාමි පිය පුතුන් ලෝකය තනි යායක් කරගනිමින් හැසිරෙන්නේ මේ විචිත‍්‍ර ලිබරල් අනුහසින් අනුප‍්‍රානය ලැබූ නිසයි.
හෙට වනාහි අද දවසේ ප‍්‍රක්ෂේපනයක්. නිරූ කුමාරස්වාමිවරුන්ගේ මී මිනිපිරියක්. ඇය ඉහළම ලෝක පුරවැසි කාන්තාවක් ලෙස සාතිෂය අනුහසක් පේ‍්‍රමයේදීත් ඇගේ අනෙකුත් හැසිරීම්වලදීත් පාන්නේ ඒ සත්‍යය පසක් කරමින්.
පේ‍්‍රමානිශංස හි නිරූ මා නිර්මාණය කර ගත්තේ චරිත කිහිපයක ගති ලක්ෂණ සම්මිශ‍්‍රණයෙන්. එක් දහස් නවසිය අසූ ගණන්වල මම මාර්ග ආයතනයේ සේවය කරද්දී එහි කෙටි කලක් සේවයට පැමිණුනු කුමාරස්වාමි පරපුරට නෑකම් ඇති තරුණියක් මා හඳුනා ගත්තා. මා පුරාවිද්‍යා පශ්චාත් උපාධියක් හදාරද්දී එහිදී මගේ නිරීක්ෂණයට බඳුන් වූ තරුණියක් හිටියා. ප‍්‍රධාන වශයෙන් ‘නිරූ’ නම් ‘පේ‍්‍රමානිශංස නවකතාවේ ප‍්‍රධාන චරිතය හදා ගන්නට මට බලපෑවා. ඒත් එක්කම කැනඩාවේ දී අප ඇසුරු කළ පූර්ණ සමලිංගික ජීවිතයක් එක්ව ගතකරන (Living together) ඉතාම විවෘත මනසකින් ලෝකය අවලෝකනය කරන නිර්භය තරුණියන් දෙදෙනෙකුත් මේ සඳහා මට බලපෑවා.
නිරූ වගේ චරිත ලක්ෂණ සහිත පෙම්වතියක් බිරිඳක් බොහෝ පිරිමින්ගෙ ප‍්‍රාර්ථනාවක්. එහෙත් එවැන්නියක ආධ්‍යාත්මික සහකාරිය කරගන්න ඔහුත් ගැලපීම නඩත්තු කරන්න වෙනවා. මගේ වලාකුළු බැම්ම කෘතියේ ‘සෙල්වි’ කියන්නේ නිරූ නඩත්තු කරන උසස් ගූනාංගවල ප‍්‍රාථමික මුහුණුවරක් කියන්න පුළුවන්. ඇය නිශ්චිත පරමාර්ථ ගවේෂී කාන්තාවක්. ඇගේ චරිතය සකසා ගැනීමේදී රෝසා ලක්සම්බර්ග්, විවියන් ගුණවර්ධන, පියශීලී විජේගුනසිංහ, වගේ චරිත බලපෑවා.සෙල්වි ලෝකයක් දිනාගන්න හදන කාන්තාවක්. එහෙත් පේ‍්‍රමානිශංස නවකතාවෙ නිරූ කල් ඇතුව ලෝකය දිනාගත්ත කාන්තාවක්. මගේ පේ‍්‍රමානිශංස නවකතාවෙත් වලාකුළු බැම්ම නවකතාවෙත් ස්ත‍්‍රීන් දෙදෙනාම (නිරූ හා සෙල්වි) පිරිමින් දෙදෙනෙකුට අනුහස පාන්නේ පරමාදර්ශී ස්ත‍්‍රී විචිත‍්‍රත්වයකින්.
මම නවකතා වශයෙන් මෙරු, වනසපුමල, විමන් දොරකඩ, හැන්දෑ දුරය, වලාකුළු බැම්ම හා පේ‍්‍රමානිශංස වශයේන කෘති හයක් රචනා කර තියෙනවා. විමන් දොරකඩ හැර අනෙක් සියල්ලම පාහේ එක්තරා පොදු දේශපාලන සම්භාෂනයක විවිධ පැතිකඩවල් කියන්න පුළුවන්.
මම මෘත රංගනය, දුම්බර ලතෝනිය, කැටකිරිල්ලී හා පිංකම්පොල වශයෙන් කවි පොත් කිහිපයක් රචනා කර තිබෙනවා. ඉන් විශේෂ කොට ගත හැකි කෘති දෙක දුම්බර ලතෝනිය හා පිංකම් පොලයි. දුම්බර ලතෝනිය දීර්ඝ ආඛ්‍යාන කාව්‍යයක්. මහවැලි ව්‍යාපාරය නිසා පිටමංවෙන්නට සිදු වු දුම්බර වැසියන්ගේ ශෝකී ඉරණම තමා එයට බලපෑවේ. මම මහවැලි අධිකාරියේ සේවය කරද්දී මට ඔවුන්ගේ දුක් ගැනවිලි සමීපව අසන්නට පුළුවන් වුනා. මගේ මව් පාර්ශවයේ ඉඩකඩම් බොහොමයක් පවා මේ ව්‍යාපෘතියට ගොදුරු වුනා. බොහෝ විට දුම්බර මහවැලි ගං දෑලේ අප ගෙවූ ළමා වියේ රස මතක මේ දැවැන්ත ව්‍යාපාරයට ගිලී ගිය අයුරු මේ කෘතිය රචනා කිරීමේ දී මට බලපෑවා විය හැකියි.