පේ‍්‍රමානිශංසයෙන් බිඳක්.

සරසවි ප‍්‍රකාශකයන් විසින් මෑතක දී ප‍්‍රකාශයට පත්කරන ලද  “පේ‍්‍රමානිශංස” නමැති නවකතාව දෙවරක්ම කියැවීමෙන් පසු මෙම සටහන ලියාතැබීමේ සිතක් මාතුළ පහළවිය. නවකතා, කෙටිකතා සහ පද්‍ය කෘති රාශියක් කලඑළිි දැක්වූ, රාජ්‍ය සම්මානලාභී චන්ද්‍රරත්න බණ්ඩාරයන්ගේ නවතම කෘතිය වූ  “පේ‍්‍රමානිශංස” නව මුහුණුවරක් ගත් නවකතාවක් ලෙස සඳහන් කළයුතුය.

මෙම කතාවට වස්තුවන්නේ පුරාවිද්‍යා ශිෂ්‍යයෙකු සහ ශිෂ්‍යාවක අතර වූ පේ‍්‍රම සම්බන්ධතාවකි. එකී අපූර්ව වූ පේ‍්‍රමය හේතුකොටගෙන අනාවරණයවන ඓතිහාසික සිදුවීම්, සමාජ දුර්වලතා හා විපර්යාසල සමාජ යථාර්ථය ආදිය පාඨක අවධානය රඳවාගැනීමට රුකුලක් වෙයි. කතා නායකයාිසයුරු’ය. කතා නායිකාවිනිරූ’ය. මහාචාර්ය සේනක බණ්ඩාරනායකයන්ගේ සිසුන් වන ඔවුහු ”අතීත ගවේෂණයෙහි” යෙදෙන්නෝ වෙති. කතුවරයාගේ අභිලාෂය ඉටු කර ගැනීමට මෙම පසුබිම බෙහෙවින් අර්ථාන්විත වෙයි.

කතාව ඇරඹෙන්නේ ඔවුන් ජීවත්වන ඇනෙක්සියේ පොත් රාක්කයක ඉහළ තලයේ වැජඹෙන අභය මුද්‍රාව සහිත මහායාන සංස්කෘතියට හිමිකම් කියන අවලෝකිතේශ්වර බෝසතුන්ගේ ලෝකඩ පිළිමයකිනි.   “අභය මුද්‍රාව” පාඨකයා තුළ කරුණාව සහ මෛත‍්‍රිය කුළුගන්වන්නකි. මෙම කෞතුක වස්තුව තැන්පත්කර තිබෙන්නේ   “ශ්‍යාම් කුමාරස්වාමි” බව සඳහන්වීමෙන් පාඨකයා තුළ කුතුහලයක් උපදී. එහි යම්කිසි රහසක් සැඟවී තිබියහැකි හෙයිනි. නොඑසේනම් මෙම පිළිමය තිබියයුත්තේ ආගමික ස්ථානයක හෝ කෞතුකාගාරයකය. ශතවර්ෂයක කාලයක් පැරණිබව කියන මෙම පිළිමය ඉදිරියට විග‍්‍රහ කෙරෙන කතා පුවතෙහි අතීත හා වර්තමාන සමෝධානයට මග සලසන සංකේතයකි.

කතා නායිකාව වූ නිරූ නැමැති යුවතිය ශ‍්‍රී මුතු කුමාරස්වාමිගේ මී මිණිබිරියකි. ශ‍්‍රී මුතු කුමාරස්වාමි දහඅටවැනි සියවසෙහි විසු දෙමළ සම්භවයක් ඇති විද්වතෙකි. ඔහු ශ‍්‍රී ලංකාවේ බෙහෙවින් ප‍්‍රචලිත මහා පුරාවිද්‍යාඥයෙකු වූ ආනන්ද කුමාරස්වාමි මහතාගේ පියාය. නිරූ ගවේෂණයෙහි යෙදෙන්නේ සිය සීයාගෙ පියසටහන් ඔස්සේය. ඇයට එය බෙහෙවින් වැදගත් කාර්යයකි. එමෙන්ම නිරූ සාම්ප‍්‍රදායික ශ‍්‍රී ලාංකික තරුණියක් ද නොවේ. නිදහස් හැසිරීම් රටාවක් හා නිදහස් චින්තනයක් ඇති තැනැත්තියකි. ඇගේ පෙම්වතා වූ  “සයුරු” ඇයට වඩා හාත්පසින්ම වෙනස් වූ පරපුරකින් පැවත එන්නෙකි. ඔහුගේ මීමුත්තා භක්තිමත් ක‍්‍රිස්තු භක්තිකයෙකු වූ පොරෝලිස් මුදලාලිය. ඔහු මත්පැන් වෙළඳාමෙන් ධනවත් වූ අරක්කු රේන්දකරුවෙකි. සයුරුගේ සිතිවිලි මගින් කතුවරයා ඔවුන්ගේ සමාජ පරතරය දක්වන්නේ මෙලෙසිනි.

“නිරූ අයත් වන්නේ යාපනයේ බ‍්‍රාහ්මණ වංශික හා එංගලන්තයෙන් වංශාධිපති පවුල් මිශ‍්‍රණයක් ද සහිත නූතන පරම්පරාවකට ය. මා අයත් වන්නේ පරම්පරා රේඛාවේ ඈත මායිමේ මුහුදුකර කුළ අනන්‍යතාවයක්, දිළිඳු ජංගම වෙළෙන්දෙකුගෙන් ඇරඹී ආර්ථික සමෘධියේ උපරිමය ළ`ගා කරගත් එහෙත් ඉලක්කය සොයා යාම අවසන් නොවූ මිනිස් පරපුරක නූතන පරම්පරාවකට ය. එහෙයින් ම මා ඒ තවමත් නොනැවතුණු ගමනේ ගොදුරකි.” (246 පිට)

අවලෝකිතේශ්වර පිළිමය යට තබා ඇතිිවිභූති පැකැට්ටුව’ ඉහත කී පරම්පරා ගැටුමේ සංකේතයකි. එකී සාම්ප‍්‍රදායික ගැටුමෙන් පීඩනයට පත්වන නූතන පරපුරේ අතුරු අන්තරාවන් වළකාගැනීමට පිහිට පැතීමකි. නිරූ විසින් තෝරාගන්නාලද නිදහස් ජීවිතයේ අනාගත අතුරු අන්තරා වළකාගැනීම උදෙසා නිතර සමීපයේ තබාගන්නා ලෙස නිරූ ගේ මව විසින් දෙන ලද්දකි. එහෙයින්ිවිභූති පැකට්ටුව’ ද උචිත සංකේතයකි. සයුරු හා නිරූගේ පේ‍්‍රමයට නුදුරු අනාගතයේ ඇතිවියහැකි බාධා ඉඟියෙන් දක්වන්නකි.

අනගාරික ධර්මපාලයන්ගේ සමාජ සංශෝධනයේ ප‍්‍රතිඵලයක් වශයෙන් සයුරුගේ මුත්තා නොහොත් පොරෝලිස් මුදලාලි නැවතත් බුද්ධාගම වැළඳගැනීම වැදගත් සිද්ධියකි. සයුරුගේ පියා ගමේ විහාරස්ථානයේ බලසම්පන්න ආධාරකරුවෙකු වූයේ මෙහි ප‍්‍රතිඵලයක් වශයෙනි. එපමණක් නොව      සමාජවාදී අදහස් දරන සයුරුට නිළමේ ඇඳුම නොහොත්ිමුල්ඇඳුම’ අන්දවා පෙරහැරේ ගමන් කරවීමට උත්සුකවීම ද එහි ප‍්‍රතිඵලයකි. සයුරු පවසන ආකාරයට මුහුදු කුළ පරම්පරාවකින් පැවත එන ඔවුන් උඩරට සම්ප‍්‍රදායයන් ද ඉහළින්ම වැළඳගෙන සමාජයේ ඉහළින්ම වැජඹීමට යත්න දරන්නන්ය. එනමුදු නිළමේ සහිත පෙරහැරේ මුලින්ම රැුගෙන යන්නේ සිය  “පොරෝලිස් මුදලාලි” මුත්තාගේ රූපයකි. මෙය සමාජ දුර්වලතාවන් වෙත හෙලූ උපහාසාත්මක දෘෂ්ටියකි. සමාජවාදී අදහස් දරන සමාජ යථාර්ථය හඳුනාගත් පුත‍්‍රයා සහ පියා අතර ඇතිවන නූතන සමාජ ප‍්‍රශ්නයක් වූ  “පිය පුතු ගැටුම”  කදිමට නිරූපණය කෙරෙන්නකි.

මහාචාර්ය සේනක බණ්ඩාරනායකයන් විසින් සිය සිසුන් සමග කරන ලද පැය හතරක දීර්ඝ සාකච්ඡුාවට අඩංගුවන්නේ මහාචාර්ය සෙනරත් පරණවිතානයන් සෙල්ලිපි අතර සැරිසරමින් සොයාගත් පර්යේෂණාත්මක තොරතුරුයි. අතීතය ජීවමාන කරවන එකී  “සෙල්ලිපිවල පේළි අතර තවත් වාක්‍ය ඇතැයි” මහාචාර්යවරයා පලකළ මතය පාඨක අවධානයට හසුවන්නකි.

“නන්දනට හමු වූ යාපන හින්දු පර්ශද් සභාපතිතුමා පවසා ඇත්තේ පරණවිතාන කෘති එකතුව යාපන විශ්ව විද්‍යාලයේ සුරක්ෂිතව ඇති බවයි. ගිනිගෙන විනාශ වී ඇත්තේ ආනන්ද කුමරස්වාමි කෘති එකතුව බව දැනගත් වෙලේ සිට නිරූ ගේ ඇස ගැවසුණු කනස්සල්ල තවමත් එහෙමම ය.

“මේ කාලේ වගේ නං සීයගෙ පොත් එකතුව මම සල්ලි වලට ගන්නවා”

“එහෙනම් ඒ පොත් ටික ගන්න ඒ යන මුළු මුදලම මං ඔයාට දෙනවා” (135 පිට)

සිංහල දෙමළ අරගලයේ දී ගිනි තබා විනාශකොට තිබෙන්නේ ශ‍්‍රී ලංකාවේ ‘පුරාවෘත්තයි.‘ිපුස්තකාලය’ යනු ජාතියක අධ්‍යාපනයේත් බුද්ධියෙත් සංකේතයකි. පොත්ගුල තුළ ගැබ්වන්නේ පරහිතකාමී විද්වතුන් විසින් සිය ශ‍්‍රමය හා කාලය කැපකොට අනාගත පරපුර වෙනුවෙන් රැුස්කළ බුද්ධියේ ධන සම්භාරයයි. පුස්තකාලයක් යනු එක් ජාතියකටල ආගමකට හෝ සමාජ පැළැන්තියකට සීමා වූ බූදලයක් නොවේ. සියල්ලන්ගේම ධනයකි. කතුවරයා කතා විකාශනයෙහිලා සංවාද උපයෝගී කරගන්නේ කතාවට ආලෝක ධාරා විහිදෙන ආකාරයටයි. එමෙන්ම ඒ සමග සමාජ දුර්වලතා දෙස උපහාසාත්මක බැල්මක් හෙලීමට ද අමතක නොකරයි.

ආනන්ද කුමාරස්වාමි නැමැති මහඟු විද්වතාගේ ජාතික මෙහෙවර හඳුනාගත් අය ද සිටින බව ”කිරිබන්ඩා” නැමැති මහලූ සේවකයාගෙන් පැවසෙයි. ඔහු විද්වතෙකු නොව මඟ පෙන්වන්නෙකි. නිරූට සහ සයුරුට සමහර ස්ථාන කරා යාමට මඟ පෙන්වූයේ ඔහුයි. කිරිබන්ඩා සයුරුගෙන් නිරූ ගැන විමසන්නේ මෙසේය.

“කුමාරස්වාමි මහත්තයාගේ මිණිබිරියක්ලූ නේද”

“කිරි බණ්ඩයියා කොහොමද දන්නෙ”

“ඇයි ඒ පරම්පරාවේ කෙනෙක් පුරාවිද්‍යාව ඉගෙන ගන්ට ආපු එකට කොච්චර දෙනා සංතෝෂ වෙනවා ද? ……. මහත්තයලගෙ කණ්ඩායම මෙතනට එනවා කිව්වම ඊයේ මෙහෙ කට්ටිය කතා වුණා…. හරි සීදේවි නෝනා… මහත්තයා හරි වාසනාවන්තයි ” (153 පිට)

ආනන්ද කුමාරස්වාමි නමැති මහා විද්වතාට ගරුකරන පිරිසක් ශ‍්‍රී ලාංකික සමාජයේ දක්නට ලැබීමෙන් සයුරු මෙන්ම පාඨකයා ද සතුටට පත්වෙයි. ඔහු සාමාන්‍ය ජනතාවගේ හදවත් තුළ තවමත් ජීවත්වන බවට තවත් සාධකයක් මෙසේය. පියාගේ බලකිරීම මත පෙරහැරේ ගමන්කිරීම සඳහා නිළමේ ඇඳුමෙන් තමා සැරසීම සඳහා පැමිණි සන්නාලියාගෙන් සයුරු ප‍්‍රශ්නයක් ඇසුවේ ඇඳුම් අන්දවන අතරමය.

“ලොකු උන්නැහේ දන්නවද ….. ආනන්ද කුමාරස්වාමි කියලා මහත්තයෙක් ගැන?…. ඔය උඩරට කලා කටයුතු ගැන පොතපත ලියපු…..”

“නැත්තෙ මොකද? එච්චරයිනේ මහත්තයෝ අපි ගැන වටිනාකමක් ඇතුව පොතපත ලියලා තියෙන්නේ….. අපේ වංශෙ ඇතුලේ අපි හරියට ගරු සත්කාර කරන උත්තමය තමයි උන්නැහේ….”

සයුරු හා නිරූ අතර වූ පේ‍්‍රමය ද සාම්ප‍්‍රදායික සංස්කෘතියට පටහැනිය. විවාහයට පෙර එක නිවසක ජීවත්වීම සහ කායික සංසර්ගය සම්මතයට පටහැනිය. මෙය වඩාත් බලපාන්නේ කාන්තා පක්ෂයටය. එහෙත් සයුරු මෙන්ම නිරූ ද ස්වාධීන අදහස් දරන්නන්ය. මෙය සාම්ප‍්‍රදායික අදහස් දරනල සමාජයේ සත්ගුණවත් ලෙස පෙනී සිටීමින් ගෞරවාදරයට පාත‍්‍රවීමට යන්න දරන සයුරුගේ පියාට වැදුණු මරු පහරකි. ඔහුගේ අභිලාෂය වන්නේ තමා පැමිණි මගෙහි සිය පුත‍්‍රයා ද ගමන්කරනු දැකීමයි. සමාජය වෙනස්වන ආකාරය ඔහුට අදාළ නැත. පිය පුතු ගැටුමේ ආරම්භය මෙයයි. දෙදෙනා ජීවත් වන්නේ ලෝක දෙකකය. මෙයින් තැලෙන්නේ පුත‍්‍ර ස්නේහයෙන් ම`ඩනලද ලයඇති සයුරුගේ මවය.

“ හිතේ මොන කනස්සල්ල තිබුනත් හිනාවෙලා ඉන්න බලනවා…. අඩුම ගානේ පෙරහැර ඉවරවෙනකල් වත්….” (200 පිට*

නිලමේ ඇඳුමෙන් සැරසී පෙරහැරේයාම නොරිස්සූ සයුරුට පියාගෙන් ලැබුණු අණසක             එයයි. පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ ආකල්පය ද එයාකාරමය. බුදුන් වහන්සේ වදාළ  “කම්මනා වසලො හොති – කම්මනා හෝති බ‍්‍රාහ්මනෝ” යන ධර්මයට ඉඳුරාම වෙනස්ය.

“පෙරහැරේ යන ඇතාට වගේම ගාම්භීර පෙනුමක් බේබි හාමුටත් තියෙන්නේ”

“අපි මේ පෙරහැර දියුණු පමුණු කරගන්න ඕනෑ හාමුලාගේ නම්බුවත් අපි ඔක්කොමලාගේ වංශෙත් නම්බුවත් දෙකම රැුකෙන විදිහට…” (205 පිට)

පියාගේ අදහසට හිසනමා පෙරහැරේ ගමන්කළ ද සයුරු තුළ ඇත්තේ දැඩි නුරුස්නා බවකි. මුල් ඇඳුමෙන් සැරසෙන අතර මත්පැන් පානය කිරිම ද එහි ප‍්‍රතිඵලයකි.  “මේක දෙවියෝ බුදුන් නැති පන්සලක් යාළුවා. මේ සල්ලිකාරයන්ගේ මලවිකාර ” (215 පිට)දහවල් පෙරහරට සහභාගි නොවී පලායාම සයුරුගේ නුරුස්නා ස්වරූපය පිටාර ගැලීමකි. හදවතට එකඟව ගත් එකී තීරණය අම්මාගේ ශෝකයටත්, පියාගේ බලවත් කෝපයටත් හේතු විය. මෙය සාම්ප‍්‍රදායික පියපුතු ගැටුමේ ප‍්‍රතිඵලයකි.

හදිසියේම නිරූ අතුරුදන්වීම මෙම ගැටුමේ තවත් අතුරු ප‍්‍රතිඵලයකි. ආපසු පැමිණි සයුරු දුටුවේ හිස් වූ ඇනෙක්සියයි. මෙම සිදුවීම ඔහු පමණක් නොව පාඨකයා ද කුහුලට පත්කරවන්නකිි. දැඩි ශෝක සන්තාපයෙන් හා සැක සංකාවෙන් කාලය ගෙවමින් සිටින සයුරුගේ සිතට මඳ අස්වැසිල්ලක් දැනුනේ නිරූ තම මව සමග ඉන්දියාවේ වන්දනා ගමනක යෙදෙමින් සිටින බවට විද්‍යුත් ලිපියක් ලැබුණුවිටයි. නිරූගේ අතුරුදහන්වීම තරමක අභව්‍ය සිදුවීමක් ලෙස පාඨකයාට දැනුණ ද ඇගේ චරිතය නිරූපණය කර ඇති ආකාරය අනුව එය එතරම් පුදුම සහගත නොවේ.  තනිවම විසඳාගත නොහෙන ප‍්‍රශ්නයකට මුහුණ දුන්විට පුද්ගලයන් ක‍්‍රියා කරන්නේ සිතාමතා නොවේ. හැ`ගීම්බරවය. සමහර අවස්ථාවල දී දිවි නසාගැනීමෙන් ජීවිත කෙළවර වන්නේ ද එහෙයිනි.

එහෙත් සයුරුගේ සිතට කාන්දු වූ සහනය දිගටම පැවතුනේ නැත.  ඒ අවුලෙන් අවුලට පත් කරවන ආරංචියක් කණ වැකීමය. හිමාලය කන්ද ආශ‍්‍රිත ප‍්‍රදේශවලට කඩාහැලූණු මහා ධාරානිපාත වර්ෂාව හේතුකොටගෙන හිමාල අඩවියේ පිහිටි ජනපද රාශියක් ද, තිබ්බතයේ හා නේපාලයේ සමහර ප‍්‍රදේශ ද විනාශවී ඇත. සයුරු වඩාත් කැළඹුණේ වන්දනාවේ යෙදෙන බැතිමතුන් පන්දහස් ගණනක් නායයාමට ගොදුරුවී ඇති ආරංචියට සහ නිරූගෙන් කිසිදු ආරංචියක් නොලැබීමයි.

කිසිවකුගේ කිම් නොතැකූ සයුරු නිරූ සෙවීමට පිටත්වීම බලවත් පේ‍්‍රමය හේතු කොටගෙන ඔහු තුළ ජනිත වූ අප‍්‍රහිත ශක්තියේත්, ධෛර්යයේත් ප‍්‍රතිඵලයකි. තිබ්බතයට ළඟා වූ නමුදු නාය යෑමේ ප‍්‍රතිඵලයක් වශයෙන් කඳු කඩාවැටීම් නිසා ඇති වූ මාර්ග බාධක හේතුකොටගෙන ඔහුට අතරමංවීමට සිදුවිය. ඒ අන්ධකාර රාත‍්‍රියේල නා`දුනණ රටක, වංගුසහිත භයානක ප‍්‍රධාන මාර්ගයක, ශක්තිමත් නොවූ වාහනයක, ගුලිවී අඩ නින්දේ සිටින සයුරු දුටු සිහිනය පරම්පරා ඝට්ටනය, සම්ප‍්‍රදායික සංස්කෘතියෙන් ගැලවීමේ අපහසුව, හා තමා පතන සමාජ ක‍්‍රමයට ළංවීම අසීරු බව ව්‍යංග්‍යාර්ථයෙන් කියැවෙන්නකි.

“ මුණුපුරේ…. උඹ නැහෙන්නේ වටිනා ගෑණු පරාණයක් මත්තේ බව හැබෑව. ඒ පරම්පරාව අපේ බණ්ඩාරනායකලා තරම්වත් වැඩි කිළුටක් ගෑවිච්ච නැති පරම්පරාවක්. ඒ දැරිවි උඹට හරිහමං විදිහට දැපනෙ දාගන්න පුළුවන් වුණානම් මං සුද්දා දැපනෙ දාගත්තටත් වඩා වටිනවා…….. උඹේ අප්පට මේව තේරෙන්නෙ නෑ….. උඹේ අප්පගෙ සහයෝගය උඹට හරිහමං විදියට ලැබුණා නම් ඔය ළමයා උඹ දාලා යන එකක් නෑ. උඹට නොදැනුනාට උඹට හරි මහන්සියි….. දැන් උඹ ඇවිත් තියෙන්නෙ එක තීර්ථයකට…. දැන් ආපහු හැරිලා පලයන්…..”(306 පිට)උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් මෙතෙක් ගලාගෙන ගිය කතා විකාශනය මෙතැන් සිට (289 වැනි පිටුවේ සිට)ප‍්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණයට සේන්දුවෙයි.

ගමන අතරමග නවතා සයුරු ආපසු ලංකාවට පැමිණියේ ශෝකයෙන් හා වියවුලෙන් පෙළෙන මනසකින් යුතුවය. මෙවර පියාගේ අදහස් තරමක් මොළොක්ව තිබුණි. පුත‍්‍ර ස්නේහයෙන් ආවේගශීලි වූ සයුරුගේ මවගේ බලපෑම එයට හේතු වන්නට ඇත.

“ඒ ගෑනු ළමයා හොයන වැෙඩිට ආණ්ඩුවේ උදව් ගන්න බලමු. දිල්ලියෙයි,, නේපාලයෙයි එම්බසිවලින් උදව් ගන්න මං දැනටමත් කතා කරලා තියෙන්නේ. මං හොයලා බැලූවා හම්බවෙච්ච ඩෙත් බොඩි එකකවත් කුමාරස්වාමි කෙනෙක් නෑ.”(316 පිට)

සාම්ප‍්‍රදායික සංස්කෘතිය වෙනස්වන්නේ ද මන්දගාමීවය. පියාගේ සිත මොළොක්වීම එයට කදිම නිදසුනකි. මේඅතර නිරූ ජීවතුන් අතර සිටින බවට ආරංචියක් ලැබීම සයුරුට මහත් අස්වැසිල්ලක් විය. මෙවර ඔහු තිබ්බතය බලා පිටත්වන්නේ නිරූ හමුවීමේ ඉමහත් අපේක්ෂාවෙනි. දුර්ගමාර්ග තරණය කරමින්, අනේකවිධ බාධකවලට මුහුණදෙමින්, කෙසේහෝ නිරූ හමුවට යාමට සයුරුට හැකිවීම ගැන පාඨකයාට ද සතුටට පත්වෙයි. නිරූ අතුරුදහන්වීමේ රහස හෙළිවන්නේ ද මෙම හමුවේදීමය.

“ඔයාගේ තාත්තා පර දෙමළි කියද්දී මං කොහොමද තවත් එතැන ඉන්නේ” (399 පිට*

එපමණක් නොව මෙම හමුවේදී තවත් අනපේක්ෂිත ආරංචියකින් සයුරුගේ සිත සසල වෙයි. ඒ නිරූ ගැබ්බරින් සිටීමයි. දරුවාගේ සිරුරෙහි දිවෙන්නේ තමාගේ හා නීරූගේ රුධිර සංකලනයයි. වන්දනා ගමන අරඹනවිට නිරූ පවා මේගැන දැනසිටියේ නැත. මේ දරුවා සංස්කෘති දෙකක සම්ප‍්‍රදාය තුළින් බිහිවෙන දරුවෙකි. සයුරුගේ හා නිරූගේ අනාගත අපේක්ෂාවන් මල්ඵල ගැන්වීමකි. ගල්පර ගිරිදුදුළු බාධක අතරින් ගලාගෙන ගිය පේ‍්‍රමයේ දියදහර තෝතැන්නකටල නොඑසේනම් තවත් තීර්ථයකට ළ`ගාවීමකි. මේ ඒ සුන්දර පේ‍්‍රමයේ  “ආනිසංශයයි.” පේ‍්‍රම පුරාවෘත්තය උපරිම ස්ථානයට ළඟාවී ඇත.

 

එහෙත් මෙවර සිදුවන්නේ ද නොසිතූවකි. ව්‍යසනයකි. සයුරු සහ නිරූගේ පමණක් නොව පාඨකයාගේ ද අපේක්ෂාවන් සුනුවිසුණු කරමින් ඔවුන්ගේ දරුවා තිඹිරිගෙයිදීම මියයයි. ආදර අන්දරය ශෝකාන්දරයක් වෙයි. දරුවාගේ අවමංගල්‍යය සිදුවන්නේ ද වෙනත් රටක වෙනත් සංස්කෘතියක ඇදහිලි විශ්වාස අනුවය. එයට හිස නැමීම මිස එරෙහිවීමට ඔවුන්ට ශක්තියක් නැත.  කතුවරයා අවමංගල්‍යාගාරය අසල එළිමහනේ බලාගෙන සිටින සයුරු සහ නිරූගේ ශෝකය සංකේතාත්මකව පාඨකයා හමුවේ තබන්නේ පාඨක හදවත් ද දැඩි ලෙස කම්පනයට පත් කරමිනි.

“නියං අහසේ යෝධ අ`ඩු විදහාගත් ගිජු ලිහිණියෙකු සිය අ`ඩු බ`ඩු විහිදා සැරිසරයි. බඩසයින් පෙළෙන උගේ අමිහිරි හඬ අප සිටින තැනට පවා ඇසෙයි. උකුසු කුලයේ දැවැන්තයෙකු වන ඔහුගේ හඬ උකුසු කූජනයේම උච්ච ස්වරයකි. මළ මිනිසුන් යහපත් ආත්මයක උපදින්නේ මෙම හිමාලයානු ගිජු ලිහිණියන්ගේ බඩගින්න විසිනි. ඒ තිබ්බත බොදු ජන විශ්වාසයයි…” (419 පිට)

සාම්ප‍්‍රදායික සංස්කෘතියත් එයාකාරමය. හරියට දැවැන්ත ගිජුලිහිණියෙකු වැනිය. මුල් බැහැගත් සම්ප‍්‍රදායන් බිඳ දැමීමට තැත්කරන්නෝ ජීවිත අහිමි කරගනිති. සම්ප‍්‍රදාය වෙනස්කිරීම එවන් අසීරු කාර්යයකි. එක් එක් රටවලට අදාළ එක් එක් සම්ප‍්‍රදායන් දැඩිව මුල්බැසගෙන ඇත. මහගසක  මුදුන් මුල වැනිය. ජීවිතයේ යථාර්ථය එයයි. සම්ප‍්‍රදායයක් වෙනස්වන්නේ මන්දගාමීවය. සම්ප‍්‍රදායෙන් පිටපැන සර්වසාධාරණ සමාජයක් ගොඩනැ`ගීමට සයුරු හා නිරූ ගත් උත්සාහය තිඹිරිගෙහිම මියයයි. හරියටම  “ආනන්ද කුමාරස්වාමි මාවත”   “නෙළුම් පොකුණ මාවතට” පරිවර්තනයවීම වැනිය. මහ`ගු ජාතික මෙහෙවරක් ඉටුකළ ආනන්ද කුමාරස්වාමි නමැති මහා විද්වතාට පි¥ ජාතියේ උපහාරය මකාදමා  “නෙළුම් පොකුණ මාවත” නමින් හැඳින්වීම කනගාටුවට කරුණකි. බොදුදහම පදනම් කොටගෙන බිහිවූ සිංහල බෞද්ධ සංස්කෘතියේ සාරධර්ම පිරිහීමේ ලක්ෂණයකි. කතානායකයා වූ සයුරු හා කතානායිකාව වූ නිරූ අතර තිබුණේ සාම්ප‍්‍රදායික ආදර සබඳතාවක් නොවේ. එමෙන්ම කෙතරම් බාධක හා අවහිරකම් පැමිණිය ද එකම රටක උපත ලද ජාතීන් අතරවන බැඳීම ද කිසිදිනෙක වෙනස්කළ නොහැකිය. වියහැක්කේ ”සත්‍ය නොපිළිගැනීම” පමණකි. නූතන පසුබිමක සිටගෙන අතීත සිදුවීම් හා පුද්ගලයන්ගේ ජීවන තොරතුරු මනාව සංකලනයකොට කතාව විකාශනය කිරීමට කතුවරයා සමත්කම් දක්වා ඇතිබව පැහැදිලිය.

කතුවරයාගේ බස් වහර පිළිබඳව ද යමක් කිවයුතුය. කතාවිකාශනයෙහිලා සංකේත හා සංවාද අර්ථාන්විතව යොදාගැනීමට හා සංකල්පරූප දනවන විස්තර වර්ණනා දැක්වීමෙහිලා කතුවරයා දක්වන්නේ මනා දස්කමකි. 25 වැනි  පරිච්ෙඡ්දයේ විස්තරවන නිරූ සොයා යන ගමන් විස්තරය මෙයට කදිම නිදසුනකි. පේ‍්‍රමානිශංසයේ ආනිශංසය භගවද්ගීතාවේ 3ථ28 ඛන්ඩයෙන් :349 පිට)අවසන් කිරීමට මට සිතෙයි.  “ නිරපේක්්ෂ  සත්‍යය පිළිබඳ දැනුමක් ඇති උදවිය හැ`ගිම් විෂයයෙහි නොබැඳෙන අතර  ඒවායෙන් තෘප්තිමත් ද නොවේ. ඔහු  භක්තියෙන් කරන කාර්යය සහ එසේ නොවන කාර්යයෙහි        ප‍්‍රතිඵලය මැනවින් දනී.”

-ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර