පේස්බුක් පරම්පරාවේ දරුවන් දෙදෙනෙකුගේ ආදර කතාවක්

  • පේ‍්‍රමානිශංස පොත ගැන හැඳින්වීමක් කළොත්?

ශත වර්ෂ දෙකක පමණ කාල රාමුවක දිග හැරෙන නවකතාවක් විදිහට පේ‍්‍රමානිශංස එක අතකට හඳුන්වන්න පුළුවන්.  පේස්බුක් පරම්පරාවේ දරුවන් දෙදෙනෙකුගේ ආදර කතාවක් යානය කර ගනිමින් සියවස් දෙකක අතීතය මෙමගින් විනිවිදිනවා. තවමත් ගොඩ නැගෙන්නට වලිකන ලංකාවේ ධනේෂ්වර ක‍්‍රමය හා එහි අනුයුක්ත අංගයන්හි මූලාරම්භය මෙමගින් සාකච්ඡුා වෙනවා කියන්න පුළුවනි. හැබැයි මම මෙම නවකතාවේ සෞන්දර්ය ගුණය තේමාවේ ස්වරූපය නිසා යටපත් වෙන්න ඉඩ දුන්නෙ නෑ කියලා මම හිතනවා.

  • ඔබ මෙහි දී අපේ අතීතය සහ වර්තමානය මුසු කිරීමට උත්සාහ කරන බව පෙනෙනවා.?

මෙහි කතා නායක දෙපල ඔස්සේ ලංකාවේ සිංහල ධනේෂ්වරයේ හා දෙමළ ධනේෂ්වරයේ උපතේ සිට වර්තමානය දක්වා වන ගමන් මග සාකච්ඡුා කිරීමට මා උත්සාහ කළා. ඒ උත්සාහය ලංකාවේ සමාජ දේශපාලන හා සංස්කෘතික අර්බුදයේ ස්වරූපය වටහා ගන්නට කවුළු දොරක් වේවි කියලා මට හිතෙනවා. අපි දෙගොල්ල අතර ඇති නොහොඳ නෝක්කඩුකම් නිසා ධනේෂ්වර ක‍්‍රමයේ ආර්ථික ප‍්‍රතිලාභවත් උකහා ගැනීමට රටක් වශයෙන් අපට බැරි වුනා. ඉතිං අපි කොහොමද සංස්කෘතික හෝ සමාජමය ප‍්‍රතිලාභ ගැන හිතන්නේ.

  • ඔබ බොහෝ විට අපේ අතීතය මුසු සංකල්ප තම නවකතාවලට යොදා ගන්නා බව පෙනෙනවා.

විය හැකියි. වරක් දිවංගත ආචාර්ය ජයලත් මනෝරත්නයන් මාව හැඳින්නුවේ උඩරට ග‍්‍රාමීය පරිසරයේ විපරිනාමය හොඳින්ම දුටු නවකතාකරුවා ලෙස. පේ‍්‍රමානිශංස දක්වා වන සියළු නවකතා හා බොහෝ කෙටිකතාවල තේමාව ලෙස උඩරට ගම හා එහි විපරිනාමය මම තෝරා ගත්තා. මම දකින්නේ මඩවල එස් රත්නායක හෝ ටී.බී. ඉලංගරත්න දුටු උඩරට ගම නොවේ. අපේ පරම්පරාවට මුණගැහෙන්නේ වැඩවසම් ක‍්‍රමයේ අවශේෂ හා ධනේෂ්වර ක‍්‍රමයේ අවශේෂ විකෘති ලෙස හැල හැප්පෙන ගමක්. පංච මහා බලවේගයම ඒ හැල හැප්පීම හරහා සිය පුරුෂාර්ත අහිමි කර ගත් සමාජයක්. ඒත් අතීතයට එබිකම් කළ හැකි නිර්මල සංකේත ටිකක් ගමේ තිබුණා. ඒවාත් මහනුවර යුගයේ නිර්මාණය වූ දේපලහා කලා ශිල්ප.

  • ඒකට විශේෂ හේතුවක් තිබෙනවාද?

ගමෙන්, පාසලෙන් මට ලාංකික සංස්කෘතියේ ඉතිරි අවශේෂයන් පිළිබඳ අවබෝධයක් ලැබුණා. එහෙත් එය හුදු ආගම්වාදී හා ජාතිකවාදී එකක්. නමුත් එය පවා ආශ්වාද ජනකයි. මේ ආශ්වාදය ඉතිහාසය හා පුරාවිද්‍යාව හැදෑරීමට මාව යොමු කළා. මා උසස් අධ්‍යාපනය සඳහා තෝරා ගත්තේ මෙම විෂයයන් දෙක සහ දූපත් අධ්‍යයයනය යන විෂයයන්. මුල් කාලීනව ලංකා සමසමාජ පක්ෂයේ සාමාජිකයෙකු ලෙසත් පසුව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයන්හි ආනුභාවය ලැබූවෙකු ලෙසත් ඉතිහාසය වර්ග වාදයෙන් ගලවා හඳුනා ගන්නට මට හැකියාව ලැබෙනවා. යටගියාව හැදෑරීම යනු කාලය හා අවකාෂය ඔස්සේ  මුළු මනුෂ්‍ය චර්යාවම තේරුම් ගන්නට පුළුවන් දෙයක්. මගේ නිර්මාන විෂයෙහි ගැඹුරක් ඇත්නම් එයට පදනම් වෙන්නේ මේ සියල්ලෙන් මා ලද ආනුභාවයයි.

  • අද තරුණ පිරිස් අලූත් ආකෘතික හරඹ ඔස්සේ තම කෘති ඉදිරිපත් කිරීමට උත්සාහ කරනවා. නමුත් ඔවුන්ගේ කතා තේමා දුර්වල බව පේනවා.ඒ ගැන ඔබේ අදහස?

මට ඒක එහෙමටම හිතෙන්නෙ නෑ. අපි සිංහල කවිය ගනිමු. එය හැත්තෑව අසූව දශකයන්හි දි කවි ලියන අය පමණක් කවි කියවන තත්වයේ පරිහානියකට ලක් වුණා. එයට හේතු වුණේ ජනතාවාදය නැමති න්‍යාය සම්භාව්‍ය කලාවකට නැගී ඒමට බාධා කිරීමයි. මෙය නවකතාව කෙටිකතාව හැම එකකටම බලපෑවා. එහෙත් මහාචාර්ය සුචරිත ගම්ලත් ,පියසීලී විෙජිගුණසිංහ වැනි උදවිය එම මතය න්‍යායිකව පරාජය කළා. නව වස්තු විෂයයන් සොයා යාමට කවියන් සාහිත්‍ය කරුවන් මතු නොව සියළුම කලකරුවන් පෙළඹුනේ ඉන් පස්සෙ. දැන් ප‍්‍රකාශයට පත්කෙරෙන පොත් වැඩියි. ඒ ඔක්කොම හොඳයි කියලා මම කියන්නෙ නෑ. ඒත් අතීතය සමතික‍්‍රමණය කළ කෘති බොහොමයක් තියෙනවා. උදාහරණ ලෙස ගත්තොත් පසුගිය දශකය තුල බිහි වූ සුනේත‍්‍රා රාජකරුණානායකගේ ‘කවි කඳුර’ ,කෞශල්‍ය කුමාරසිංහගේ ‘නිම්නාගේ ඉතිහාසය‘ වැනි නවකතා සමස්ත සිංහල නවකතා වීෂයෙහිම ආනුභාව සම්පන්න කෘති. කවිය ගත්තොත් නූතනම පරපුරේ රුවන් බන්දුජීව, මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල, ටිම්රාන් කීර්ති වැනි කවීන් වස්තු විෂයයන් තෝරා ගැනීම අතිනුත් කාව්‍ය රීතිය පැත්තෙනුත් බොහෝ ඉදිරියෙන් ඉන්නවා. ඔවුන් තමන්ගේ සමීප පූර්ව පරම්පරාව වූ ආරියවංශ රණවීර, රත්න ශ‍්‍රී විජේසිංහ, නන්දන වීරරත්න ආදි උසස් කවීන් හෙළි කල මගෙහි අපූරුවට ඉදිරියට යනවා.

  • කැනඩාවෙ සාහිත්‍යකරුවා සහ අපේ සාහිත්‍ය කරුවා සැසඳවොත්?

ඒක සසඳන්නට අමාරු දෙයක්. කැනඩාව බහු වාර්ගික සමාජයක්. මා දන්නා තරමින් රටවල් එකසිය හතළිස් අටක සංක‍්‍රමණික ජනතාවක් කැනඩාවෙ ඉන්නවා. අපේ රටේ ඉපදුනු මයිකල් ඔන්ඩච්චි ඉන්නෙ කැනඩාවෙ. ඔහු කැනඩාවෙ සම්භාව්‍යත්වයට පත් ලේඛකයන් දෙතුන් දෙනාගෙන් කෙනෙක්. ශ්‍යාම් සෙල්වදෙරේත් අපේ රටේ ඉපදුනු කෙනෙක්. ඒ වගේම පසුගියදා ලෝක අවධානයට පත් ඔයැ ඊද්එ ඡුැදචකැ ලියූ ෂෙරොන් බාලා තරුණ ලේඛිකාව තව එක්කෙනෙක්. මේ බොහොමයක් ලේඛකයන් සිය රටවල් වලින් ගෙනා වස්තු විෂයයන් මේ රටේ දී ලියනවා. ඔවුන් විශ්ව සාහිත්‍යයට එකතු වෙනවා. මේ තත්වය යුරෝපයේ හා ඇමෙරිකාවේ බොහෝ රටවලට අදාළ කාරණයක්. ඒ රටවල ජීවත් වෙන සංක‍්‍රමණීය ලේඛකයන් සිය රටේ අත්දැකීම් නිදහස් පරිසරයක දී නිර්මාණ විෂයයක් බවට පත් කරගන්නවා. 2021 නෝබෙල් ත්‍යාගය දිනු අබිදුල් රසාක් ගුර්හාන් සැන්සිබාරයෙන් එංගලන්තයට පැමිණි ලේඛකයෙක්. ඔහු ලේඛකයෙක් ලෙස ලෝක පරිමාණ කරන්නේ එංගලන්තය විසින්. ඔන්ඩච්චි හා සෙල්වදොරේ ලෝක පරිමාණ කරන්නේ කැනඩාව විසින්. මේ අරුතින් ගත් කළ කැනේඩියානු සාහිත්‍යයේ වැඩි කොටසක් මේ වන විට සංක‍්‍රමණිකයන් විසිනුයි නියෝජනය කරන්නේ. එය කැනේඩියානු ජනතාව සලකන්නේ තමන්ගේ දෙයක් ලෙසයි. ඒත් අපේ රටේ දෙමළ හා මුස්ලිම් සාහිත්‍යයවත් පොදු සාහිත්‍යයේ කොටසක් කරගෙන නෑ. එකිනෙකා හඳුන්වා දීමේ වැඩ පිළිවෙලක් නෑ.