ප්‍රේමානිශංස ගැන මගේ කියැවීම

ප්රේමානිශංස ගැන මගේ කියැවීම
පසුගිය අවුරුදු කිහිපය තිස්සේ ම රාජ්ය සම්මාන වලින් පුද ලැබූ නවකතා කියැවූ මා තුල ප්රේමනිශංශ නවකතාව ඇති කළේ අපූරු අනුභුතියකි. ගවේශණාත්මක ව්යායාමයක් සාර්ථක අයුරින් නව කතාවක් බවට පරිවර්තනය කරන්නේ කෙසේද යන්නට හොඳ පිළිතුරක් එය තුලින් අපට ලැබේ. එපමනක් නොව , අප සමාජය විසින් ඉහලට ඔසවා තබන ඇතැම් ප්රභූ චරිත වල සැබෑ ඓතිහාසික කාර්ය භාරය කලාත්මකව ප්රති නිර්මාණය කිරීම අතින් චන්ද්ර රත්න බංඩාර කර තිබෙන්නේ හාස්කමක් බව පැහැදිලිය. එක අතකින් කඩුල්ල වැනි කතාවකින් තැනූ ටෙලි නාට්යයකින් පුබුදුව ලබන කතුවරයා සිය සංකල්පනා ලෝකය විචරාත්මක අධ්යයනයක් මගින් මනා ලෙස හික්මවා ගෙන ති බව පෙනේ.
කතා නායකයා දකුණේ ප්රභූ පැලන්තියකින් පැවත එනවිට ඔහුගේ ප්රේමවන්තිය පැවත එන්නේ උතුරේ ප්රභූ පැලැ න්තියකින් පැවත එන ආනන්ද කුමරස්වාමි පරපුරෙනි . කතාව ඉදිරියට ගලාගෙන ගිය ගාමක බලවේගය වන්නේ මොවුන් දෙදෙනා අතර ප්රේමය හා අනුරාගයයි . කතා නායක සාගරගේ පරම්පරාව පැවත එන්නේ දකුණේ රේන්ද කරුවන් වී පසුව බෞද්ධ විහාරස්ථාන වල ප්රධාන දායකයන්වී බෞද්ධ ප්රභූත්වය ලබා ගත පරපරම්පරාවකටය. දෙබස් මගින් මැනවින් විස්තර කරන ආකාරයට, ආනන්ද කුමරාස්වාමි පරම්පරාවේද මෙබඳු දෙමල උරුමයේ පටන් ගැන්මේ විවිධ පසුබැසීම් හා දොස් හා අඩුපාඩු තිබුණි. කතා නායකයා හා කතා නායිකාව වී ඇත්තේ මේ පරම්පරා දෙකේ මුණු පුරා හා මිනි පිරීයයි.
ඔවුන් සත්ය ගවේෂණයේ යෙදෙන්නේ තම මුතුන් මිත්තන් ආගිය තැන් යලි නැරඹීමෙනි. කුමාරස්වාමි දෙමල පරපුරකින් ආවද ඔහු සිංහල සංස්කෘතියට කළ සේවයෙන් අල්ප මාත්රයක් වත් සිදු නොකොට බෞද්ධ ප්රභූවරුන් බවට පත්වන තම පරපුර කෙරේ සාගර තුල පවතින්නේ නොපහන් හැඟීමකි. කතාව ඉදිරියට ගලා ගෙන යාමට මේ තත්වය ඉතා ශූර ලෙස උපයෝගී කර ගැනීමට කතු වරයා සමත් වෙයි.
කතාව විකාශනය කිරීමේදී මගේ සිත ඇදී ගිය විශේෂ කාරණයක් වූයේ කතුවරයා එවකට බෞද්ධ සංස්කෘතිය, කලාව එමෙන්ම ගැමි ජීවිතය ඒවාට වැඩ වසම් සමාජ ක්රමය ඔස්සේ සම්බන්ධ වීම සාක්ෂි ඇතුව පෙන්වා දීමයි. ඇතැම් අවස්ථාවලදී නිදහස් ලිංගික සම්බන්ධතා වලට අවසර තිබෙන ජෝඩුවක් වටා එතෙන කතාවක් ලෙස පෙනී ගියද ඔවුන්ගේ සම්භෝග අවස්ථා පවා පරම්පරා දෙකක එක වීමක් ලෙස සංකේතවත් කිරීම අර්ථවත් ව්යායාමයක් බව පෙනෙන්නට තිබේ.
කතාවේ සිද්ධි මාලාව තුලින් විවිධ ආගම් මෙන්ම බුදු දහම විවිධ රටවල පිළිපදින ආකාරය හා ඒවායේ වත් පිළිවෙත් හා බැඳුනු මහා සංස්කෘතිය ගුප්ත ඇදහිලි හා ඒවා බාල තරුණ ජිවිත පවා කම්පනය කරන ආකාරය,කතාව තුලින් රසවත් ලෙස විස්තර කර තිබේ. මට එක වෙලාවකට සිතුනේ, ආනන්ද කුමාරස්වාමි බෞද්ධ සංස්කෘතිය හා උරුමය සෙවීම ලංකාවෙන් නොනැවතී පෙරදිග වෙනත් රටවල ද කර ගෙන යාම නැවත අධ්යයනය කිරීමක් මේ නවකතාව ඔස්සේ පරිස්සමින් සිදු කර ඇති බවයි. විස්තර කරනු ලබන ඇතැම් සිදුවීම් හා පිළිවෙත් කිරීමට තමන්ටම සිදුවීමේ දෛවෝපගත අවස්ථාවන් ඉතා නිර්මණාත්මක ලෙස ඉදිරිපත් කිරීමට කර ඇති වියමන බෙහෙවින් සිත් ගන්නා සුළුය. උදාහරණයක් වශයෙන්, ටිබෙට් බෞද්ධ චාරිත්රයක් වූ මියගිය පසු අවසාන දානය වශයෙන් විස්තර කරන මිනියේ අත පය කපා ගිජු ලිහිනියනට ඩැහැගෙන යාමට ඉඩ හැරීම තමනට දාව නිරූ ට උපන් මල දරුවාට කරන්නට සිදුවීම මගේ හද කම්පා කළේය.
අද අප වසන්නේ සංස්කෘතිය , ශිෂ්ඨාචාරය එහෙන් මෙහෙන් අත පත ගාමින්, සුදු චරිත ලක්ෂණ පමණක් ඇති වීරයන් මවමින් , මුල් කෘති වලින් කොපි කරන දෑ වනමින් සිටින දැක්මෙන් අන්ධ සමාජයකය. මේ මැදට ආ කොරෝනාව යැපෙන ආර්ථිකයක් පැවැති ශ්රී ලංකා සමාජයට ලබා දුන්නේ මරු පහරකි. එහෙත් නියම ලේඛකයා මේවායින් නොසැලෙයි. ඔහු සහකම්පනය වන්නේ නොසැලකිල්ලෙන්, අත පසුවීමෙන් අසංවේදී බවින් ගරා වැටෙන, වැනසෙන දේශයේ සංස්කෘතිය හා විචාරාත්මක ගවේෂණය නමැති මහා චිත්රය සමගයි. චන්ද්රරත්න බණ්ඩාරයන්ගේ ප්රේමානිශංස එහි ප්රතිඵලයක් ලෙස මට හැඟෙයි.