” කාශ්‍යප ජීවිතේ වින්ද මිනිහෙක් …” ඈ සීගිරිය දෙස බලා කීවා ය .
” ඔව් මාත් හිතන්නෙ එහෙම … “
” සිංහල රාජාවලියේ රජවරු කාශ්යප වගේ වුනා නම් මං හිතන්නෙ ලංකාව යටත් විජිතයක් නොවෙන්නත් තිබුණා .”
” ඒ කොහොම ද ඒ ? “
” තමන්ගේ රාජ ඌෂ්ණෙටයි …පරලොව අපායටයි බය කරලා හදපු මිනිස්සු බාගෙට මැරිලා ඉන්න ඇති .එහෙම බාගෙට මිය ගිය පුරවැසි සමාජයක් යටපත් වීම වළක්වන බෑ .කාශ්යප කියා දුන්නෙ ජීවිතය විදින විදිහ . සීගිරියෙන් පේන්නෙ එයා ජීවිතය වින්දා විතරක් නෙමෙයි අනෙක් අයටත් ඒකට ඉඩ දුන්න පාටයි . “