ඒ දවස්වල නුවර කේන්ද්ර කර ජීවත් වූ අපි හතර දෙනෙක් “සීමිත නිර්මාණ කුණ්ඩලිය” කියලා අපිටම වෙන්වූ පුංචි කුලකයක් සාදාගෙන හිටියා. චූලාභය ශාන්ත කුමාර හේරත්, කපිල එම් ගමගේ, චන්ද්රරත්න බංඩාර සහ මම. අපේ පළවෙනි කවි පොතේ නම “අසික්කිතයාගේ සිහිනය”. නම තිබ්බේ චන්දරේ. චන්දරේ තියන නම් වලට මං අදත් ආසයි.
ඔන්න අපි නුවරින් වෙන වෙන තැන්වලට සංක්රමනය වුනා. චූලයි කපිලයි චන්දරෙයි දිගටම ලිව්වා. මම ජීවිතය අතුරැදහන් කරගත්තා. අද ඒ තුන් දෙනාම, සමාජ පිලිගැනීමට පාත්රවූ සම්මානලාභී ලේඛකයෝ. මම විතරක් නිකංම නිකං සිම්පල් සයිමන් කෙනෙක්. මං ආසමත් ඒකට. නිකංම නිකං ඉන්ට.
අද අපේ චන්දරේගේ අළුත්ම නවකථාව “ප්රේමානිශංස” දොරට වැඩියා. දෙහිවල සරසවි පොත් සාප්පුවේ නෝනා කිව්වා “ඉස්සරවෙලාම පොත ගත්තේ සර් තමයි කියලා” දෙහිවල හන්දියේ කීර විකුණන අම්මා මට නිතර කියලා තියෙනවා “පාන්දරම පොඩි මහත්තයාගේ අතින් කීර මිටියක් ගත්තම දවසම හොඳයි” කියලා. චන්දරේගේ පොතේ මුල් පිටු කීපය කියෙව්වා. හරි ලස්සනයි. ඉස්සෙල්ලාම මං පොත ගත්තු නිසා නෙවෙයි, කථාව ලස්සන නිසා උණු කැවුම් වාගේ විකිනෙයි. එහෙම වුනාම තමයි චූලගෙයි, කපිලගෙයි, මගෙයි හිතේ මල් පිපෙන්නේ. චන්දරේ ඉන්නේ කැනඩාවේ. පොත නිකුත්වීමේ සන්තෝසෙට උඹව ඉඹින්න විදියක් නැහැ. ඒ නිසාම ගත්තු ගමන් මම පොත පපුවට තුරැල් කරගත්තා. උඹට මගේ උණුහුම දැනෙන්න ඇති. චූලගේ “චක්රවර්ති” ගේ උනුසුම යන්නත් ඉස්සර චන්දරේගේ “ප්රේමානිශංස”, හරියටම අදම කපිලගේ “ඇසතු ගස යට පහර කෑ ප්රේමය”ත් නිකුත් වුනා. කපිලගේ පොත තාම සරසවියට ඇවිත් නැහැ. ආව ගමන් ගන්නවා. මගේ සමකාලීන සන් මිතුරෝ තුන්දෙනාගෙන් මේ අව්රැද්දේ පොත් තුනක්. මේ කෙටි සටහන ලියන වේලේ සිම්පල් සයිමන්ට දැනෙන ප්රීතිය උඹලාටත් දැනෙනවානං සේරම අතෑරලා එයි අපේ ගෙදරට. මංව ඉඹින්ට.
චූලා, චන්දරේ, කපිල උඹලා තුන්දෙනාටම ආදරෙයි සාගරේ තරම්. විෂ්ණු Simple SIMON