හෝද හෝදා මඬේ දමන ස්වෛරීත්වය

හෝද හෝදා මඬේ දමන ස්වෛරීත්වය

 

  •  සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ සාරය පිරිහෙලන දේශී්‍ය පැනවීමේ ප‍්‍රමාණය අවම කළ යුතුය.
  •  17 වන ව්‍යවස්ථා සංශෝධනයේ මූලික අභිමතාර්තයන් මුලූමනින් ආරක්‍ෂා කෙරෙන පියවර ගත යුතුය.
  •  නඩු විභාගයක් නොමැතිව සැකකාරයකු දීර්ඝ කාලයක් තිස්සේ සිරභාරයේ රඳවාගෙන සිටීමට අවසර ලැබෙන නීති අඩංගු ‘2005 හදිසි අවස්ථා රෙගුලාසි’ ඉවත් කළ යුතුය.
  •  අත් අඩංගුවට පත් සැනින් සැකකාරයකුට නීතිඥයකු හමුවිය හැකි වන පරිදි අපරාධ නඩු විධාන සංග‍්‍රහයට අවශ්‍ය සංශෝධන ගෙන ආ යුතුය.
  •  හිරිහැරයකින් තොරව මාධ්‍යවේදීන්ට සිය වෘත්තියේ නියලීමට අවශ්‍ය ඉඩ ප‍්‍රස්ථා සලසා දිය යුතුය.
  •  උතුරු නැගෙනහිර ගැටලූවට දේශපාලන විසඳුමක් ලබා දිය යුතුය.

ඉහතින් දැක්වෙන්නේ ජී. ඇස්. පී. ප්ලස් සහනය ලබා දීමට නම් ආණ්ඩුව එකඟ විය යුතු යයි කියූ කොන්දේසි 15 අතරින් ප‍්‍රධාන කොන්දේසි කිහිපයයි. එහෙත් මෙම කොන්දේසි අරබයා ආණ්ඩුව කියන්නේ ‘අපේ භූමියේ සහ ජනතාවගේ නිදහස පාවා දෙන කොන්දේසි යටතේ ආධාර ලබා ගැනීමට අප සූදානම් නැත’ යනුවෙනි.
ඇත්ත වශයෙන්ම ශ‍්‍රී ලංකාව රටක් වශයෙන් යුරෝපා සංගමයේ කොන්දේසිවලට එකඟ වෙන්නේ නම් සිදුවන්නේ ජනතාව පාවාදීමක් නොව ජනතාව පිමි ගණනාවකින් ජයග‍්‍රහණය කිරීමකි.
ජී.එස්.පී. ප්ලස් සහනයට අදාළ මානව හිමිකම් ප‍්‍රඥප්ති 27ක් ක‍්‍රියාත්මක කරන බවට පොරොන්දු වී මෙම විශේෂ බදු සහනය ලබා ගත්තේ 2005 මැද භාගයේ මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේමය. අද මේ කොන්දේසි ගැන අඩාපාලි කියන දේශපාලනඥයන් එදා මෙම කොන්දේසිවල වරදක් නුදුටුවේ මන්ද…? එපමණක් නොව මෙම කොන්දේසිවලට එකඟවන බව පවසමින් ජී.එස්.පී. ප්ලස් සහනය ලබා ගැනීමට ඉකුත් පෙබරවාරියේ සිට සාකච්ඡුා ඇරඹීය.
මේ කොන්දේසි කවරේද…? මේවා නම් ලංකාවේ දේශපාලන පක්‍ෂ, සිවිල් හා මානව හිමිකම් සංවිධාන කලක් තිස්සේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටි මහජන අයිතිවාසිකම් සමූහයකි. එහෙත් ඒ සියල්ල ගැන අද ආණ්ඩුව කියන්නේ ඩොලර් මිලියන 150 ක සහනයක් සඳහා තමන්ගේ රටේ ස්වෛරීත්වයට හානියක් වන කිසිදු දෙයක් නොකරන බවයි.
ජී.එස්.පී. ප්ලස් ක‍්‍රමය යටතේ ලැබුණු තීරුබදු සහනය යුරෝපා සංගමයට භාණ්ඩ අපනයනය කරන සියලූ රටවලට පොදුවේ ලබා දෙන සහනයක් නොවීය. එය ලෝකයේ තෝරාගත් රටවල් 15කට පමණක් දෙන විශේෂ සහනයකි. ආසියාතික රටවල් අතරින් එම සහනය ලැබුණේ ශ‍්‍රී ලංකාවට හා මොංගෝලියාවට පමණකි. ඒ සහනය අනෙකුත් රටවලට ලබා දෙනු ලැබූයේ ද මහජන හිත සුව පිණිස වන කොන්දේසි පනවමිනි.
ඇඟලූම් පමණක් නොව තුන්වන ලෝකයේ රටවලින් යැවෙන විවිධ අපනයන භාණ්ඩ 7200ක් සඳහා ජී.එස්.පී. බදු සහනය බල පැවැත්වේ. එහෙත් ශ‍්‍රී ලංකාව වැඩිම ආදායමක් උපයන්නේ ඇඟලූම් නිෂ්පාදනය හරහාය. එහෙයින් ජී.එස්.පී. බදු සහනය අහිමිවීම යනු ශ‍්‍රී ලංකාවේ ඍජු ඇඟලූම් රැුකියා 3,60,000 කට ද, වක‍්‍ර ජීවනෝපායයන් දශ ලක්‍ෂයකට ද සිය උන් හිටි තැන් නැතිවීමකි. 2010 පෙබරවාරි 19 දාට ලංකාවේ විරැුකියා අනුපාතිකය 5.9% කි. එහෙත් මේ රැුකියා නැතිවන අති විශාල පිරිස ද ඒ ගොඩට එක් වූ කළ…?
ඇත්ත වශයෙන්ම යුරෝපා සංගමය ඉදිරිපත් කරන කොන්දේසිවලට එකඟ විය නොහැක්කේ අත්තනෝමතික ලෙස ජනතාව පෙලමින් රට පාලනය කරන්නට බලාපොරොත්තු වන පාලකයකුට පමණි.
දැන් යුද්ධය හමාර වී ඇත. ඒ හමාර කිරීමේ ගෞරවය මුලූමනින්ම හිමි වන්නේ සේනාධිනායකයා වන ජනාධිපතිතුමාටය. එය මැතිවරණ කිහිපයකින්ම ජනතාවද ඔප්පු කොට පෙන්වීය. එල්.ටී.ටී.ඊ.යත් සමූල ඝාතනය වී ඇති මෙම අවස්ථාවේ මෙතරම් හිතෛෂිවන්ත ජනතාවක් උදෙසා සිය හෘදයාංගම බව ප‍්‍රකාශ කළ හැක්කේ යුරෝපා සංගමය ඉල්ලා සිටින ඉල්ලීම් ඉටු කරමින් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතිවාසිකම් ද ලබා දෙමින්, පහළොස් ලක්‍ෂයකට ආසන්න අපනයන කර්මානත ආශ‍්‍රිත ශ‍්‍රමිකයන්ගේ එදිදෙනා දිවි පෙවතත් රැුක දෙමිනි.
උතුරු ඇමරිකාවේ ජීවත්වන අපට මේ රටවල ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ, මානව හිමිකම්වල හා පුවත්පත් නිදහස ආදියේ මහිමය දනිමු. කාගේවත් කොන්දේසියකට යටත් නොවීම ඒවා රටවැසියන්ට සුරක්‍ෂිත කිරීමට පාලකයෝ බැඳී සිටිති.
මේ මෑතකදී කීර්තිමත් කලාකරු ප‍්‍රසන්න විතානගේත් ‘දෙබිඞ්ඩෝ’ නාට්‍ය රඟදැක්වෙන අවස්ථාවේ ඉහළ අණකින් ක‍්‍රියාත්මක වුණු පොලීසිය පැමිණ නිෂ්පාදකගෙන් ප‍්‍රශ්න කරමින් යකා නැටූහ. මෙම නාට්‍ය මේ පිටපතම මීට වසර 10කට පමණ පෙරාතුව ප‍්‍රසන්න විසින්ම ද්විත්ව නමින් රඟදැක්වීය. එදා නැති ප‍්‍රශ්නයක් අද නාට්‍යයේ කොහේද…?
මෙවැනි විකාර දෑ කිරීමටය ආණ්ඩුවට යුරෝපා සංගමයේ කොන්දේසිවලට යටත් විය නොහැක්කේ.
පසුගිය වසර හතළිහ තිස්සේම පාලකයන්ට මහජන නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ඇති හැඟීම ක‍්‍රමයෙන් අතුරුදහන්ව ගොසිනි. 1977 දී ජේ. ආර්. ජයවර්ධන පාලනය ඒ පිරිහීම උත්සන්න කළ අතර ඒ පිරිහීමේ වේගය තවමත් පාලනය වී නොමැත. විපක්‍ෂයේ සිටිය දී හැමදාම දොස් අසන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ආණ්ඩු බලයට පත්වූ පසු එය වෙනස් කරන්නට හිතක් දෙන්නේම නැත.
රටක් තම අභ්‍යන්තරයේ වෙසෙන ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව අයිතීන් දිගින් දිගට කඩ කරන විට ඒවා ස්ථාපිත කිරීම සඳහා පියවරෙන් පියවරට, ඉල්ලා සිටීම, අවවාද කිරීම, තරවටු කිරීම ආදිය කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ දී මේ සඳහා වන ලෝක අනුමැතීන් සකස් කරගෙන ඇත්තේ තම සාමාජික රටවල අනුමැතිය ද සහිතවය.
අනෙක් අතට ජාත්‍යන්තරය සමග දිගින් දිගටම ගැටෙමින් ආණ්ඩුව ගෙන යන ක‍්‍රියාකලාපය රටේ අනාගතය උදෙසා විශාල හානිකර තත්ත්වයක් උදාකරනු නිසැකය. ජාත්‍යන්තරය විසින් පනවන ඇතැම් කොන්දේසි හයිරං පාට් එකෙන් නොව රාජ්‍යතන්ත‍්‍රිකව විසඳා ගැනීමේ හැකියාව ද පවතී. එහෙත් ඒ කිසිදු උපාය මාර්ගයක් ආණ්ඩුව විසින් අනුගමනය කරනු පෙනෙන්නට නැත.
– සංස්කාරක –