හෙක්ටර් අබේවර්ධන : විශිෂ්ට බුද්ධිමතෙකුගේ නික්ම යාම

හෙක්ටර් අබේවර්ධන නම් වූ විශිෂ්ට ගණයේ වාමාංශික විද්වතා, කි‍්‍රයාධරයා, න්‍යායික ගුරුවරයා වසර 93ක අර්ථ සම්පන්න ආයු කාලයක් වළඳා මිය පරළොව ගොසිනි. මෑත ලංකා ඉතිහාසය ශිෂ්ට සම්පන්න ලෙස අලංකාර කළ සමසමාජ උරුමය කැටයම් කළ සැට්ටරෙකු ලෙස හෙක්ටර් හැඳින්වීම නිවරැුදිය.
1979 තරම් ඈත කාලයක මම මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අවසන් වසරවල ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යයෙකු වූයෙමි. පාසලේ සමසමාජ කණ්ඩායමේ නායකයාද මම වීමි. එකළ පාසල් සිසුනට ප‍්‍රායෝගික අත්දැකීමක් ලබා ගැනීමට අවශ්‍ය නම් කන්තලේ උක් කර්මාන්ත ශාලාවට අනුබද්ධිත උක් කැපීම හා සීනි කර්මාන්ත ශාලාවේ වැඩ කිරීම සඳහා සති දෙකකට එහි යාමට හැකි අවස්ථාවක් එකළ එළැඹුනි. මම කන්තලේ යනවා යයි නිවසින් අවසර ගෙන එ් දිනවලම පැවතුණු සමසමාජ පක්ෂයේ නායකයන් පුහුණු කිරීමේ දෙසති වැඩමුලූවකට සහභාගිවීමට කොළඹ ගියෙමි. එම නායකත්ව පුහුණුවට පැමිණි එක් තරුණයකු වූයේ දැනට සංස්කෘතික අමාත්‍ය පදවිය දරණ ටී.බී. එ්කනායකය. ඔහු එකළ යාපහුව සමසමාජ සංවිධායකවරයා විය.
මගේ දේශපාලන ගුරුවරයකු වූ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා කොළඹ ගැන වැඩි වැටහීමක් නැති මා ගෙනවිත් ඇරලූයේ හෙක්ටර් අබේවර්ධන මහතාගේ නිවසටය. 54, චිත‍්‍රාලේන් , කිරුලපන පිහිටා තිබූ එම සුවිසල් නිවසට යාබදව පිහිටා තිබුණු දෙමහල් මන්දිරයේ උඩුමහලේ කාමරයක මා ලැගුම් ගත්තේය.
ඔහුගේ නිවසේ ගතකළ දෙසතිය තුළ හෙක්ටර් අබේවර්ධන නම් වූ දැවැන්ත බුද්ධිමතාගේ ගුණකාය හඳුනා ගතිමි. මතුනොව සාකල්‍යයෙන් බුද්ධිමතෙකු වන මිනිසෙකු සිය බුද්ධි ජීවිතය කළමනාකරණය කරගන්නා අයුරු, එය නව දැනුමෙන් පුරවා සිය ජීවිතයට අනන්‍ය කරගනිමින් ස්වකීය භාවිතාවක් ලෙස යොදා ගන්නා අයුරු, මම සියැසින් දැක ගතිමි. තරුණ වියට සමීප වෙමින් සිටි මා වැන්නෙකුට එවන් ජීවිතයක් සමීපස්ථව දැක ගැනීම මනරම් වූ ද බරසාර වූ ද අත්දැකීමක් විය. එපමණක් නොව මට මාගේ අනාගතයේ දිසාව තෝරා ගැනීමේදී එ් ගතකළ දෙසතිය තීරණාත්මක වූවා යැයි සිතේ.
බොරැුල්ල මන්ති‍්‍රනිය වූ කුසලා අබේවර්ධන විවාහ කර ගැනීමත් සමග ඔහුගේ ජීවිතය වඩාත් පහසුකර වූවා විය හැකිය. හෙක්ටර් අයත් වූයේ ලංකාවේ ඇති හැකි පංතියටය. ඔහු ලංකා සමසමාජ පක්ෂයට ඇතුලූ වන්නේ එඞ්මන්ඞ් වික‍්‍රමසිංහ (රනිල් වික‍්‍රමසිංහගේ පියා* ගේ අනු දැනුම මත යැයි කියනු ලැබේ. එහෙයින් හෙක්ටර් සමසමාජ පක්ෂයට බැඳෙනුයේ කම්කරු සටන් අරගල ඔස්සේ නොව දුර්දාන්ත සමාජය යහපත් ලෙස වෙනස් කළ යුතුය යන සමාජ අනුකම්පාව සහිත බුද්ධිමතෙකු ලෙසය. එනම්, සිද්ධාර්ත කුමාර ප‍්‍රවේශයක් ලෙසය. එකළ ලංකා සමසමාජ පක්ෂය පීඩිතයන්ගේ දේශපාලන පක්ෂය වූවා පමණක් නොව සකි‍්‍රය බුද්ධිමතුන්ගේ දේශපාලන පක්ෂයද විය.
හෙක්ටර්ගේ මුත්තණුවන් මහනුවර එංගලන්ත සභාවේ පූජකයෙකු විය. ඔහුගේ පියා ආග‍්‍රාණ්ඩුකාරයාගේ ප‍්‍රධාන ලිපිකරුවා ලෙස සේවය කළ හෙක්ටර් විල්ෆ‍්‍රඞ් අබේවර්ධන විය. ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ හෙක්ටර් කොළඹ විශ්වවිද්‍යාල කොලීජියෙන් හා නීතිවිද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලැබීය.
පුලූල් සමාජ දේශපාලන වැඩපිළිවෙළක් වූ සූරියමල් ව්‍යාපාරය ආශි‍්‍රතව සමසමාජ කි‍්‍රයාකාරකම්වල යෙදුණු හෙක්ටර් පක්ෂයේ නායකත්ව මණ්ඩලයට නොබෝ කලකින්ම එක්විය. 1942 දී ඇන් ඇම් කොල්වින් ලෙස්ලි හා එඞ්මන් සමරක්කොඩි නම් වූ සමසමාජ නායකයන් අත් අඩංගුවට ගැණිනි. එහිදී ඔවුනට බෝගම්බර හිර ගෙදරින් පැන ඉන්දියාවට යෑමට උදව් කළ ප‍්‍රධාන පුද්ගලයන් අතර හෙක්ටර් ද වූවා යයි කියනු ලැබේ. එහිදී හෙක්ටර් කි‍්‍රස්තියානි පූජකයකු ලෙස වෙස්වලාගෙන ඔවුන් ඉන්දියාවට කැඳවාගෙන ගියේය. ඒ සමගම හෙක්ටර් ද සමසමාජ නායකයන් සමග ඉන්දියාවට පලා ගියේය.
හෙක්ටර් ඉන්දියාවේදී ඉතා සකි‍්‍රය දේශපාලන ජීවිතයක් ගත කළේය. ඉන්දියානු බොල්ෂෙවික් ලෙනින්ස්ට් පක්ෂය පිහිටුවීමේදී විශාල කාර්ය භාරයක් ඉටු කළ හෙක්ටර්ගේ ඉන්දියානු ජීවිතය දුක් කම්කටොලූ බහුල කටුක විප්ලවවාදී ජීවිතයක් විය. වර්තමාන ඉන්දියාව ගොඩ නැගීමේ කාර්යයට හෙක්ටර්ගේ බුද්ධියද දහඩියද එකතු වී ඇත. එ් ඉන්දියාව වෙලාගත් සුදු අධිරාජ්‍යවාදයට එරෙහිව හෙක්ටර් කළ සටන් නිසාය. කල්කටා, උත්තර ප‍්‍රදේශය, බිහාර් හා බොම්බායේ ඉන්දීය බොල්ෂෙවික් ලෙනින්ස්ට් පක්ෂයේ දේශාපලනය කළ හෙක්ටර් ඉන්දියානු නිදහස් සටන උදෙසා එ් සියලූ කැප කිරීම් දායක කළේය. ඉන්දියානු නිදහස් සටනට විවිධ අංශයන්ගෙන් නායකත්වය ්දුන් දහස් ගණන් කී‍්‍රයාකාරීන් අතර හෙක්ටර්ද සිටියේය. නිදහස් සටන ඇරඹීමේ පනස් වසර සිහිපත් කරමින් එයට කි‍්‍රයාකාරීව මැදිහත්වූ නායකයන් වීරයන් සේ සලකා සම්මාන පිරිනැමීමේදී ඒ වීරයන් අතර හෙක්ටර්ද සම්මානයට පාත‍්‍ර විය.
මගේ පළමු හමුවීම වූ 1979 වැනි කාලයක හෙක්ටර් හැට හැවිරිදි පමණ වන්නට ඇත. එහිදී ඔහුගේ කි‍්‍රයාකාරකම් සම්පූර්ණයෙන්ම වාගේ සංකේන්ද්‍රණය වී තිබුණේ බුද්ධි ජීවියකු ලෙස නව දැනුම එ්කරාශී කිරීමට හා පක්ෂයේ උන්නතිය සඳහා එ් දැනුම විය පැහැදම් කිරීමටය. ලෝකයේ පළමු පෙළේ දැනුම ගබඩා වූ සඟරා පොත පත ඔහුගේ අතට තැපෑලෙන් ලැබුණි. හෙක්ටර් නව දැනුම ලබා ගැනීම සඳහා කවර තරම් මුදලක් වුවද විය පැහැදම් කළ හැකි සමාජ පසුබිමක සිටියේය.
හෙක්ටර් කවර තරමේ විප්ලවකාරී කි‍්‍රයාවන්හි යෙදුනත් සභාග දේශපාලනය පිළිබඳ පක්ෂය මෙහෙය වූ නිර්මාතෘවරයා ඔහු යයි කියනු ලැබේ. එ් සඳහා වූ අවංක න්‍යායික පදනමක් ඔහුට තිබුණු බවත් තම මතය ඊට විරුද්ධ දැඩි මතධාරීන් අතර පවා එ්ත්තු ගැන්වීමට ඔහු සමත් විය.
1970 සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිට වූ සමගි පෙරමුණු රජයේ මුදල් අමාත්‍යවරයා වූයේ ආචාර්ය එන්.එම්. පෙරේරාය. ඔහුගේ මුදල් අමාත්‍යාංශ වපසරියට අයත් වූ මහජන බැංකුවේ සභාපති වූයේ හෙක්ටර් අබේවර්ධන මහතාය. ඔහු එය අතිෂයින් ව්‍යාප්ත සේවාවක් ලෙස පුළුල් කළ අතර අද පවත්නා මහජන බැංකුවේ දියුණු අදියර ආරම්භ කළේ ඔහු විසිනි. ලංකාවේ ආර්ථික ක්ෂේත‍්‍රයේ සිදුවන ප‍්‍රවනතාවයන් සාකච්ඡුා කිරීමේ අරමුණින් අරඹන ලද ආර්ථික විමසුම ඔහුගේ අදහස් අනුව බිහි වූවකි.
ලංකා සමසමාජ පක්ෂය ආරම්භයේදීම පාහේ කම්කරුවන්ගේ දේශපාලන පක්ෂයක් පමණක් නොව මෙරට අසම්ප‍්‍රදායික බුද්ධිමතුන්ට හිරිකිතයක් නැතිව එක්ව සිටිය හැකි සමාජ ව්‍යාපාරයද විය. අද වන තුරාවට කිසිදු දේශපාලන පක්ෂයකට එ්කරාශී කළ නොහැකි තරම් වූ කම්කරුවන් පිරිසක් මත සිය ආනුභාවය පැතිරවීමට තරම් පුලූල් දේශපාලන ව්‍යාපාරයක් වූ සමසමාජය හැත්තෑව දශකය පමණ දක්වාම එ් අයෝමය හැකියාව පවත්වා ගැනීමට සමත් විය. එමෙන්ම සමාජ සාධාරණත්වය පිළිබඳ ආකල්පයක් සහිත බුද්ධිමතුන්ට ඔවුන්ගේ ඇති හැකිකම් පිළිබඳ අවමානයක් නොවිඳ ගොනුවී සිිටිය හැකි දේශපාලන පක්ෂයද සමසමාජ පක්ෂය විය. ඞී.ජී. විලියම්, රෙජිනෝල්ඞ් මෙන්ඩිස් වැනි කම්කරු නායකයන්ද, එස්මන්ඞ් වික‍්‍රමසිංහ, හෙක්ටර් අබේවර්ධන වැනි ධනවත් පැලැන්තීන්ගෙන් පැවත ආ උගතුන්ටද සමාජ වෙනසක් සඳහා දායකත්වය සැපයිය හැකිවූ සමාජ ව්‍යාපාරයක් ලෙස සමසමාජ පක්ෂය හැඳින් විය හැකිය.
හෙක්ටර් සිය පැලැන්තියෙන් ගෙන ආ ඇතැම් හුරු පුරුදු වඩාත් නම්‍යශීලී ලෙස පරිහරණය කරමින්ම සමාජවාදී විප්ලවය උදෙසා කැපවිය. ද්‍රෘඩතර ට්‍රොට්ස්කිවාදියකු වූ ඔහු සිය ලෝක දෘෂ්ටිය සකසා ගත්තේ එ් ඇසුරිනි. ඒ එසේ වුවත් ් ලෝකයේ ඇති වූ වෙනස්වීම් කල් තියා දකිමින් එ් සඳහා මුහුණ දිය යුතු ආකාරය තම ව්‍යාපාරය අබිමුවේ පෙන්වා දීමේ අනාගත දැක්මක්ද හෙක්ටර්ට තිබුණි.
පසු කළෙක එනම්, 1986 දිනෙක මම හෙක්ටර් මුණ ගැසුණේ එකළ සඟරාවක්ව තිබූ ‘රාවය’ ට සම්මුඛ සාකච්ඡුාවක් ලබා ගැනීම සඳහාය. එකල ඉන්දියාවේ රාජ්‍ය බලයට පත් අග‍්‍රාමාත්‍යවරයා වූයේ නරසිංහ රා ඕය. ඔහු විසින් සෙනෙට් මණ්ඩලය ඔස්සේ ආචාර්ය මනමෝහං සිං මුදල් අමාත්‍ය ධුරයට පත්කර ගෙන තිබුණි. හෙක්ටර් මා සමග පැවසුවේ නරසිංහ රා ඕ ගේ තෝරා ගැනීම අනාගත ඉන්දියාවේ ගමන් මග තීරණය කරනු ඇති බවයි. එ් අනාගත වාක්‍ය පවසා වසර 22ක් අද වන විට ගෙවී ඇත. අද ආචාර්ය මනමෝහං සිං ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාය. ලොව ඇත්ත ආර්ථික හා දේශපාලන බලවතකු කිරීමට මනමෝහං සිං සමත් වී නැද්ද?
හෙක්ටර් විශිෂ්ට ගණයේ මාධ්‍යවේදියෙකු විය. එහිදී ඔහු අයත් වන්නේ රෙජී සිරිවර්ධන, සිඞ්නි වනසිංහ, එල්. ඕ.ඞී. සිල්වා, කරාලසිංහම් වැනි මාධ්‍යවේදී තීරුවකටය. ඔවුන් දැනුමෙන් සුවිසල් වූ අතර භාෂා පරිහරණයේදී ජාත්‍යන්තර තලයේ නිර්ණායකයන් හා සැසඳිනි. හෙක්ටර්ගේ සමස්ත දේශපාලන කි‍්‍රයාවලිය තුළම දේශපාලනඥයාට සමාන්තරව මාධ්‍ය වේදියෙකුද සිටියේය. ීදජස්කසිඑ ඪ්බටම්රාල ීදජස්කසිඑ ්චචැ්කල ඵ්බනසබාල ඵ්ර්කල ඔයැ භ්එසදබල ීදජස්කසිඑ භ්එසදබ ඔහුගේ දේශපාලන මාධ්‍යවේදයේ විශිෂ්ට ප‍්‍රතිඵලය.
හෙක්ටර්, සමාජවාදය පිළිබඳ නිර්ව්‍යාජ අදහස ලංකාව තුළ පැළ පදියම් කළ මහා පුරුෂයෙකි. සමාජ ව්‍යාපාරයක් සඳහා අවංකව කැපවෙන්නේ කෙසේද යන දැවැන්ත පාඩම ඔහු රටටම කියා දුන්නේය. පරිණත දාර්ශනිකයෙකු වූ ඔහු කළ සේවාව සමාජවාදය උදෙසා අද දවසේ වඩා ඵලදායි නොවුණ නමුත්, ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දිගු මුල් ඇදීම උදෙසා ඔහු කළ උදාර සේවාවට රටම ඔහුට බැතිබර විය යුතුය.
හෙක්ටර්ගේ මිය යාමත් සමග ඒ පිරිපුන් දාර්ශනික පරපුරේ අවසානයාත් අපට අහිමි වූයේය.
චන්ද්‍රරත්න බණ්ඩාර.