සිංහල වචන විිසිපන් දහසක් අලූතින් නිර්මාණය කරමින්, වචන පන් ලක්‍ෂයකින් සමන්විත කාණ්ඩ දෙකකින් යුත් දැවැන්ත ශබ්ද කෝෂයක්, දැන් සිංහල පාඨක ලෝකයට එක්ව තිබේ. කතුවරයා මහාචාර්ය සුචරිත ගම්ලතුන්ය. එතුමන් සිංහල ද ඉංගිරිසියද ඇතුලූව පෙර අපර දෙදිග භාෂා ගණනාවක පරප‍්‍රාප්ත මහ වියතෙකි. එවන් දැනුම් සම්භාරයක් සහිත නැණවතුන් ලොව බිහිවන්නේ කලාතුරකිනි. එවන් උතුමන් රටකට අප‍්‍රමාණ සම්පතකි. වාසනාවකි.
සුචරිත ගම්ලත් ශූරීන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් බිහිකළ ඉහළම ගනයේ ශිෂ්‍යයෙකි. ප‍්‍රථම උපාධියෙන් අනතුරුව හේ විවිධ ජාත්‍යන්තර විද්‍යායතනවලින් ඔප මට්ටම් වූ දැනුමෙන් යුතුව, අවසානයේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලබා ගති. එතැන් පටන් දහස් ගණන් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ එතුමන්ගේ ගුරුහරුකම් ලැබ විවිධ විශ්ව විද්‍යාලවලින් පිටවී ගියෝය.
එතුමා සම්භාව්‍ය සිංහල සාහිත්‍ය ගැන පමණක් නොව සම්භාව්‍ය ගී‍්‍ර‍්‍රක සාහිත්‍යය, සම්භාව්‍ය භාරතීය දර්ශනය, සම්භාව්‍ය මාක්ස්වාදී සාහිත්‍ය ගැනද අපමණ ග‍්‍රන්ථ, ලිපි රචනා කර ඇත.
1977 දී බලයට පත් එක්සත් ජාතික පක්‍ෂ රජය එතුමන් සේවයෙන් පහ කළේ ඔහුගේ අදහස් දැක්විම් වලින් උරණව ගොසිනි. රැුකියාවෙන් දොට්ට දැමීමෙන් සංතාපයට පත් නොවු මහාචාර්ය ගම්ලතුන් සිය ශාස්ත‍්‍රිය ව්‍යාපාරය විශ්ව විද්‍යාලයෙන් පිටත සිට යළි ආරම්භ කළේය. ඒ මුල් අවධියේ ඇතැම් කෘති මුද්‍රණය වුයේ මහජන මුදලිනි. පසුව ඒ සද් ව්‍යාපාරයට උර දුන්නේ ගොඩගේ පොත් ව්‍යාපාරයේ අධිපති එස් ගොඩගේ ගී‍්‍රමතුන්ය.
1994 බලයට පත්වු රජය මහාචාර්ය ගම්ලතුන් නැවත සේවයේ පිහිටුවමින් කලින් රජය කළ වැරැුද්ද නිවැරදි කලේය. ඉක්බිති විශ‍්‍රාම යන තෙක්ම එතුමන් රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ධුරය හෙබවීය.
සුචරිත ගම්ලත් සුරීන්ගේ ලිපි පොතපත ලැදිව හදාරන දහස් ගණක් පාඨකයන් අතරට මේ ලියන ලේඛකයාද අයත් වේ. අවුරුදු විස්සක් තිහක් තිස්සේ අප විසින් අවබෝධ කරගත් දෙයක් තිබේ. එනම් එතුමන් ලියන එක ලිපියක කරුණු, විශ්ලේෂණ ගුණය, භාෂා පරිහරණයේ පරිපුර්ණත්වය ආදිය අවශේෂ ලේඛකයක් ලියන ලිපි දහසකවත් නැති බවය. එතුමන්ගේ සෑම පොතක්ම පාහේ ශාස්ති‍්‍රය කෘතිනම් මේ යැයි කියා පායි.
අපි එතුමන් විසින් රචිත සිංහල – ඉංගී‍්‍රසි ශබ්ද කෝෂය දෙසට නැවතත් හැරෙමු. ගම්ලත් සුරීන් මේ මහා ශබ්ද කෝෂය සම්පාදනය උදෙසා තමන් ගෙවා ඇති සිය ජීවිත කාලයෙන් වසර විසිපහක්ම වැය කර ඇත. වසර විසිපහක ශාස්ති‍්‍රය මෙහෙවරක් ඔහු අයත් රටේ ජනතාව, ආණ්ඩු, විශ්ව විද්‍යාල, කෙසේ පිළිගත යුතුද? ආණ්ඩුව ඔහුට සම්මාන පිරිනැමිය යුතුය. ආණ්ඩුවේ වියදමින් ඒ මහා ශබ්දකෝෂයෙන් එක පිටපතක්වත් සෑම පුස්තකාලයකම, සෑම පාසලකම තැබිය යුතුය. ඒ මහා ග‍්‍රන්ථය දැකීම පමණක්මත් දුහුනන් තුළ ශාස්ත‍්‍රිය ආවේශය ඇති කරන්නේය.
සිංහල බස ව්‍යාකරණානුකූලව ලිවීම කළ යුතුම දෙයක් ලෙස මහාචාර්ය ගම්ලතුන් සලකයි. එසේ නොකරන උදවිය මහාචාර්යවරයාගේ බලවත් ගැරහුමට ලක්වෙයි. සිංහලය පිලිබඳ වෙසරද මේ මහා ප‍්‍රාඥයා ඉංගි‍්‍රසිය හැදෑරීමේ වැදගත්කම නිරන්තරව ලියයි. කියයි.එතුමන් කියන්නේ ඉංගි‍්‍රසිය නොදන්නා තැනත්තා කිසිවක් නොදන්නේය යනුවෙනි.
සැබෑ ප‍්‍රාඥයෝ ජනප‍්‍රියත්වය පිටුපස නොදුවති. රැුල්ල පසුපස නොව රැුල්ලට එරෙහිව උඩුගං බලා යති. හැමෝම දකින දෙය නොව එහි ඇතුලත ඔහු දකියි. සමාජයේ ගැරහුමට ලක්වෙතැයි ඇත්ත කතා නොකර නිහ`ඩව නොසිටී. අවදානම බාරගෙන එයට බිය නොවී ලියයි කියයි. ප‍්‍රංශයේ විසු ජින් පොල් සාත්‍රේ වැනි සාහිත්‍යධර දාර්ශනිකයෝ එලෙස කි‍්‍රයා කළෝය. මහාචාර්ය සුචරිත ගම්ලතුන්ද ගිනිය හැක්කේ ඒ උදාර බුද්ධිමය පරම්පරාවේ සමාජිකයෙක් ලෙසය.
මහාචාර්ය ගම්ලතුන් සතු මහාර්ඝ දැනුම ලෝක බුද්ධිමය වෙළඳ පොලේ අලෙවි කළානම් ඔහු ධනයෙන් සැප සම්පතින් ආඨ්‍ය වාසනාවන්තයකු වීමට ඉඩ තිබිණ. එහෙත් එසේ නොකර තම උපන් බිම තුළම ඒ දැනුම බෙදාහැරීම නිසා කුලී ගෙවල හි`දිමින් බස් රථයේ ගමන් කරමින් දිවි ගෙවන්නට ඔහුට සිදුව තිබේ. ඒ අපේ රටේ සැබෑ බුද්ධිමතුනගේ කල දසාවයි.
සැබෑ බුද්ධිමතුන් නම් වැනෙන සු`ඵ චරිත නොවේ. ධී ගුණ සම්පන්න නොසෙලෙන චරිත වෙති. දැනුමෙන් අත්දැකීමෙන් තහවුරු කරගත් ස්ථාවර තිබේ. මහාචාර්ය ගම්ලතුන්ටද එවැනි බරසාර ස්ථාවර තිබේ. තැලෙන පෑගෙන ජනයා කෙරේ ඇති දයානුකම්පාවෙන් යුතුව එයින් ගොඩ ආ හැකි මග කියා දෙයි. සකල විධ වර්ගවාදයට එරෙහිව සිය පෑන, සිය චතුර කථිකත්වය, මෙහෙයවයි.
රටක ගමන් මග හසුරුවන එක බලකායක් වන්නේ රටක බුද්ධිමතුන්ය. ඉන් විශාල ප‍්‍රමාණයක් ගොනු වී සිටින්නේ විශ්ව විද්‍යාලයන්හිය. දේශපාලනයේ ඕනෑම ජගතකුට යට නොවිය හැක්කේද ඔවුන්ටය. එහෙත් ලංකාවේ සිදුවන්නේ ඔවුන්ද දේශපාලන බලාධිකාරියට යටත්ව ලිවිීමත්, කිවීමත් එසේ නැත්නම් කිසිවක් නොකර සිටීමත්ය. උසස් වේතන හා විවිධාකාර පහසුකම් ලබන ඔවුන්ගෙන් ඇතමෙකු ශිෂ්‍යයන්ට හරියට උගන්වන්නේවත් නැත. ලංකාව පෙලන අර්බුදය දේශපාලකයන්ගේ නිර්මාණයක් පමණක් නොව බුද්ධිමතුන්ගේද සහය සහිතව සිදුවූ නිර්මාණයකි. ඔවුන්ගේ ගැතිකම හා නිහඬකම ලංකාවේ අර්බුදය තීර්ව කිරීමට දායක වී තිබේ.
එහෙත් මහාචාර්ය සුචරිත ගම්ලත් සුරීන් එසේ නිහ`ඩව නොසිටි පාලකයන්ට ගැතිකම් නොකළ වියතෙකි. ස`දුන් අරටුවක් ලෙස ඔහුගේ ගුණ සුවඳ විහිදේ. අපට කතුවැකියකට තරම් එතුමන් තේමා වන්නේ ඒ ඕජෝ ගුණය නිසාය.
සංස්කාරක