මෙවර ස්වර්ණ පුස්ථක සම්මානයෙන් හා විද්යෝදය හොදම නවකතාවට හිමි සම්මානයෙන් පිදුම්ලද චන්ද්රරත්න බණ්ඩාරයන්ගේ ප්රේමානිශංස නවකතාව ප්රේමයෙන් ප්රේමයේ නිධානය කියනවා දැයි සිතුනි.
කියවීමෙහිලා මමද කොතෙකුත් පොත් පසු කර ආවෙමි,එසේම සමහර පොත් හි සමහර තැන් උඩින් පැන ගියේ ඇති වෙන නොඉවසිලිමත් කුතුහලය නිසා හෝ නැතිනම් එකී කොටසෙන් දැනෙන කම්මැලිකම නිසාය.එහෙත් චන්ද්රරත්න බණ්ඩාරයාණන්ගේ ප්රේමානිශංසය භාවනාවකි.එහි කිසිදු අකුරක් අත් හරින්නට පුදුමාකාර ලෝභකමක් දැණුනි.
ප්රේමානිශංස ඔබ මා පසු කර අනන්ත දුරක් ගෙවා ඇති සෙයකි.එහි දැණුම , මනුස්සකම ,ආදරය ,නිදහස හා සරද්දී මිල කල නොහැකි ප්රේමානිශංසයට දී ඇති මිල නම් හොදටෝම මදියැයි මට හැගුණි.
ප්රේමානිශංස ආදරයේ සරසවි භූමියටද ,ඉතිහාසයේ විශ්වවිද්යාලයයටද මා කැටුව ගියායා.ඒ සැමටම වඩා දෙමළී නොහොත් නිරූ ජාතිය පරදන මනුස්සකම ගැන ඉහලින් ඔසවා තබන හැටි වචනයට හසු කල නොහැකි තරම් ය.එමෙන්ම ගැහැණියකගේ උතුරන ආදරය පිරිමියා බැද තබන සවිමත්ම රැහැන වග නිරූ කෙරෙහි සයුරුගේ ඇති ආදරය ගෞරවය දුටු කල්හි ඕනෑම පසුතලයක සිටින අයෙකුට හැගේ.
පොතකින් ලැබිය යුතු රසය ,ගුණය , දැණුම හසල ප්රේමානිශංස අකුරු කල බණ්ඩාරයන් මනුගුණදම් කියා දෙන කවියකැයි සිතේ.
ලස්සනම මිනිසුන් අවලස්සන නිසා නිරුවත් වන සැටිත් අභ්යන්තරයෙන් සුන්දර මිනිසුන්ගේ නිරුවතෙහි ඇති විවෘත භාවයේ සුවදත් අකුරු කල බණ්ඩාරයාණන්ගේ ප්රේමානිශංස ගැන විචාරයක් කිරීමට පවා මාද නුසුදුසු දිළින්දියකැයි මට සිතුනු හෙයින් පොතේ ඇති වටිනා රස පිරි පත් වලින් හිත්ගත් කොටස් කිහිපයක් සටහනට ඇමුණුවද ඊට මට දැඩි වෙහෙසක් දරන්නට සිදුවිය,ඒ,ඒ තරමටම මෙහි එන අකුරෙන් අකුර,ජේදයෙන් ජේදය ,පරිච්ඡේදයෙන් පරිච්ඡේදය ,පිටුවෙන් පිටුව, මා සිත් සොරා ගත් නිසාත් ඉවතලූ යැයි සිතෙන බිදකුදු එහි සොයන්නට නැති නිසාත් ය.
21 පිටුව
“මොකද බුකවගෙන……මං තමුසෙත් එක්ක එකතු වුණේ පරම්පරාවේ තේජස් පෙන්වන්න නෙවේ….මේ දැන් මේ ජීවිතය විදින්න……ඒකට මුලින්ම මගෙත් එක්ක ඉන්නකොටවත් මුත්තගෙන් නෙවෙයි …..ඔහේගේ තාත්තගෙන් පටන් ගන්නවා “
” අද බොමුද….බීලා කතා කරමු…” නිරූ සිගරට්ටුවක් පත්තු කර ගත්තාය.
“වයින් තියෙනවා ….”
” නෑ ටිකක් සැර දෙයක් …. අද අපේ අම්මා කතා කළා.පැයකටත් වැඩියි මගෙ හිතේ. එයාගෙ ඩයබෙටික්….කොලෙස්ටරෝල් , ප්රෙෂර් , ඔක්කොම කන්ට්රෝල් කරගෙන …..එයාම වාහනේ එලවගෙන බැංකු ගිහින්….ඒ ගමන්ම මටත් සල්ලි ටිකක් දාලා ….”
” එහෙනම් ගේන්න යන්න වෙනවා….”
” යමු…….අර ගායිකාවගේ ඉදි ආප්ප කරත්තෙන් ඉදි ආප්ප අරන් එමු….කඩල බයිට් එකකුත් එක්ක….”
(හිතෙන තැන, දැනෙන තැන නැවතුනාම ජීවිතේ විදලා මැරෙන්න පුළුවන් .නිරූ සහ සයුරු ජීවිතය විදිමින් විදවන උන් ගැන කරුණාව පහල කරමින් මේ මොහොතේ ජීවත් වෙන සුන්දරම යුවළක් )
33 පිටුව
මට නම් හිතෙන්නෙ ජීවිතේ හොදින් වින්ද මිනිස්සු ටිකක් මේ නිදාගෙන ඉන්නේ.තමන්ගේ වැඩකාරයන්ට දුප්පත් අසල්වාසීන්ට පවා සොහොන් භූමියෙන් තැනක් වෙන් කරපු කරුණාවන්ත මිනිස් කොට්ඨාශයක් .ඒ අය හොදට කෑවා ,බිව්වා පිට රටින් පවා ගෙන්න ගත්ත ආභරණ පැලැන්දා…මේ හමුවුණු පබළු, අංජන තවරන කූරු ,සුවද විලවුන් කුප්පි කියන්නේ ඔවුන් කොයිතරම් ජීවිතේ වින්දද කියලා.යකඩ තාක්ෂණය සොයාගෙන , ගුරු ගල් කුඩු කරලා හදාගත්ත පාට කරපු මැටි වළංවලා ලියපු අක්ෂර මේ ඔක්කොම කියන්නේ ඔවුන් මහා දැනුමකට හිමිකම් කියන බවයි.
(මෙසේ ලියන බණ්ඩාරයාණන් උව ජීවිතේ විදින අප්රමාණ සුන්දර මනුසතෙකු යැයි සිතන්නට පොත පුරා ගලන මේ නිදහස් සිතුවිලි හොදටෝම ප්රමාණවත් යැයි මට සිතුනි)
50 පිටුව
” වංශෙ කබල් ගාන්ට ගෙවල් හදන්න හොද නෑ මිසිස් විලමුගේ……මේ ගෙවල් හදන්නේ ඔයාලගේ දරුවන්ට නේද ? “
( හිස් ගෙවල් වල එල්ලුනු පුහු මාණ්නක්කාරකම නෙවෙයි ගෙයක් ඇතුලේ තියෙන්න ඕන සැනසීම )
136 පිටුව
” මට හිතෙනවා ඇදුම් ඔක්කොම ගලවලා අර මිනිස්සු පොදි ගැහිච්ච තැනින් හෙළුවැල්ලෙන් වතුරට පැනලා නාන්න….”
” එපා….පිරිමිවත් නොකරන වැඩ “
මම බීරාන්තව කෑගැසිමි කියන දේ කරන තැනැත්තියක ලෙස නිරූ එසේම කරාවි යැයි මට ක්ෂණිකව සිතිණි.වෙහෙසකර මුහුණෙන් යුතුව කළකිරීමෙන් පැමිණි ඈ මගේ බීරාන්තයට කොක් හඩලා සිනාසුණාය.
මං එහෙම කළොත් ඔය මිනිස්සු යාපනේට යනකමුත් ගිහින් ආපහු එනකමුත් කතා කරන්නේ දුටු ගැමුණු එළාර ගැනවත්,යුද්ධෙ දිනපු එක ගැනවත් නෙවෙයි , මගේ නිරුවත ගැන .
( ” සැබැවින්ම ඔව් ” නිරූ 1000% ක් නිවැරදිය, හැමදාමත් අපේ උන් රසටම තලු මැරුවේ ඇහැකටවත් දැක නැති කාගේ හෝ නිරුවත් , එක්කෝ හොර මගුළක් ගැනය. මිනිසුන් වින්දනය සොයන්නේම කාගේ හෝ කුණු ගොඩක් අවුස්සා වීම කණගාටුවට කරුණක් වීය.මටත් ඔබටත් ජීවිතය විදින්නට නම් අපද නිරූලා සයුරුලා විය යුතුමයි )
177 පිටුව
මේ සොදුරු අදුරත් , අතීතයේ සිට ගලා එන තල තෙල් පිළිස්සෙන සුවදත් ,නිරූගේ මුත්තාවරුන් ගයන වේද ගීතිකා හඩත් , මට මෙන්ම නිරූටත් දැනෙන්නට , ඇසෙන්නට ඇති .ඒ සියල්ලෙන් මුසපත් වූ අපි අකස්මිකව එකට ළං වූයෙමු.ඒ සමීපවීම විරගික ආරම්භයකින් සරාගී අනන්තයකට ගමන් කරමින් තිබුණි.අප අදුරු කාමරයේ අදුරුම මුල්ලකට ඇදුනේ නිරායාසයෙනි .නිරූගේ වේගවත් හුස්ම ඇය විසින්ම නිරුවත් කරන ලද මගේ ලය මතට වැදුනේ මහත් ආශ්වාදජනක බරකිනි.ඇගේ කෙස් අතරින් පෙරී ආ දේවදාර සුවදක් මගේ නාස්පුඩු අතරින් ආත්මය සසල කරමින් සියොළඟ පුරා දිව්වේය.මගේ දෝතට ඇගේ වත කමල ගන්නා විට එය දහදියෙන් තෙමී ගොසිනි.තමන්ම නිරුවත් කරගත් උඩු කයෙහි කවදාවත් නැති තරමින් ඇගේ පුන් පියයුරු ආරාධනාත්මකව ඉහලට එසැවී තිබුණි.
240 පිටුව
” ජොයින්ට් එකකට පස්සෙ හොදට නාගත්තම හොද සනීපයක් දැනෙනවා….ලස්සන දෙයක් ගැන හිත හිතා හුගක් වෙලා නාන්න…ජීවිතේ සතුට වෙනුවෙන් ලැබෙන අවස්ථා ප්රයෝජනයට ගන්න……බය වෙන්න එපා…නිරූගේ ප්රශ්නය විසදෙයි….”
මම කෙවින්ගේ ඉරියව් නරඹමින් නාන කාමරයට වැදුණෙමි. ” බය වෙන්න එපා නිරූගේ ප්රශ්නය විසදෙයි….”
කෙවින්ගේ වචන මසිත රැව් පිළිරැව් දෙද්දී මමද බොහෝ වේලා ජල ස්නානය කෙළෙමි.
මා ආපසු එන විටත් කෙවින් නිරුවතින් ඇදෙහි වාඩි වී සිටියේ සිය දුරකතනය පිරික්සමිනි.
( බහුතරයකට රස නිරුවත පවා ලෝකයක් දැක බලා නිදහස්ව සිතන උන්ට ඉතා සාමාන්ය වග කියන ප්රේමානිශංසය පුරා නිදහසේ බණ්ඩාරයාණන් ඇවිද ගොස් ඇතුවා පමණක් නොව ඔහු විසින් අපද ඒ සෑම අවස්ථාවකම ජීවත් කරවීම නම් මහත් සතුටකි. බණ්ඩාරයාණන් විසින් පාඨක සිත්වල මලක් පූදමින් කංසාව මල් කෙමිය යැයි ලියා එයට දුන් රසය සහ වර්ණයද සිත් ඇදගන්නා සුළුය. )
තවද……
” සැබවින්ම ඔව්” , මමද කියමි
ජීවිතේ සතුට වෙනුවෙන් ලැබෙන අවස්ථා ප්රයෝජනයට ගන්න……බය වෙන්න එපා…
සයුරු නොමැති නිරූගේ මතක මාවතේ එදා මතක සමගම යාද ? නිරූ සහ සයුරු යලිත් මුණගැහේද…? කියලා දැනගන්න නම් ඔන්න ඔයාටත් ප්රේමානිශංස කියවන්නම වෙයි.
යථාවාරී වහා පූරා – පරි පූරෙන්ති සාගරං
ඒව මේව ඉතෝ දින්නං – ප්රේතානං උපකප්පතී