” පැරණි ගුදම් මඩුවේ – දැන් සිත්තර කුටියේ – සිත්තරා පරිහරණය කරන කාමරයෙන් වොට් හතළිහක විතර ආලෝකයක් එළියට විහිදේ. පොල්ගස් හේඩාව අතරින් තීරුවක් ලෙස බොහෝ දුරක් ඒ එළිය විහිදේ. මුත්තාගේ ප්රතිරූපය ඇඳ නිම කොට සිත්තරා දැන් ඉසිඹුලනවා විය යුතුය. ඒ ඉසිඹුවට වොට් හතළිහක ආලෝකය සෑහේ. අනිවාර්යයෙන්ම තාත්තාගේ හොඳ වර්ගයේ පැසසුමක් ලැබිය යුතු සිත්තර කාර්යයකි ඔහු නිමකොට ඇත්තේ. එහෙයින් ඔහුට හොඳ කෑමද, හොඳම බීම ද ඇතුළත් සියල්ලෙන් සමන්විත රාත්රියක් හෝ දෙකක් ලැබෙනු නිසැක ය. හෙට ඇරඹෙන පෙරහරේ ගෙන යාමට මුත්තාගේ ප්රතිරූපය කැබ් රියේ බැඳෙන තුරු වත් සිත්තරා ඒ කුටියේ වාසය කරනු ඇත. “
( ප්රේමානිශංස – චන්ද්රරත්න බණ්ඩාර )
අවුරුදු හතළිහකටත් එපිටට දිවෙන
හිතවත්කම සහ මිතුදම ප්රකාශකරන්නට
වොට් හතළිහක බල්බ් එකකින්
නිකුත් කෙරෙන ආලෝකයකට ඇති
ශක්යතාවයේ මිනිතය කෙතරම් දැයි නොවැටහේ.
චන්ද්රරත්න බණ්ඩාර සමග
පාසැලේ එකට අකුරු කළ මතකයන්හි පටන්
මුර්තිමත් වූ බන්ධූත්වයේ පිළිබිඹුව,
කැමරාව නම් වන යාන්ත්රික ආධාරකයේ
සරණින් සටහන් කර දක්වන්නට ගත්
පුංචි උත්සාහයකත් පුංචි කොටසක් මේ.
– හේමන්ත අරුණසිරි –