“ප්‍රේමානිශංස” කියවා අවසන් කොට දැනට සති කිහිපයක්

බණ්ඩාර සහෝදරයා ගේ නවතම සාහිත්‍ය කෘතිය වන “ප්‍රේමානිශංස” කියවා අවසන් කොට දැනට සති කිහිපයක් ගත උනා. කිහිපදෙනෙකු සමග එක්වී පොත ගැන සාමීචියක් යොදාගන්නට අදහස් කළත්ල පවත්නා කොරෝනා ව්‍යාධී තත්වය ඒ සඳහා ඉක්මන් අවස්ථාවක් ලබා නොදෙන බැව් හැඟෙන නිසා පොත ගැන හීනියට යමක් ලිවීමට සිතුවා.

බණ්ඩාර සහෝදරයා තිළිණයක් ලෙස ( එයට ඉතා තුති ! )  ලබාදුන් පිටපත ම‘ අතට පත්වීමට පෙරාතුව ඔහු මට කිව්වා,   “සහෝදරයා එක්වරම මේ ගැන කියන දේ තමා මට වැදගත් ” කියා.

පොත කියවීම ආරම්භ කොට සතියක් පමණ වන විට,බණ්ඩාර සහෝදරයා විමසුවා, “ පොත ගැන අදහස කෙසේද “කියා. මා කියා සිටියා, “ තවම මුල් පරිච්ෙඡ්ද කිහිපය අතර “ බව. බණ්ඩාර සහෝදරයා දෙවන ප‍්‍රශ්නය ඇසුවේ නැහැ. එය ,  “ පිටු හාරසීයක ට ටිකක් වැඩි පොතක් කියවන්නට සතියකටත් වඩා වැඩි කාලයක් කියාවෙන්නට ඇතිල සමහරවිට මූට මේක කියවන්න කොච්චර කල්  ඕනෙද කියලා හිතන්නත් ඇති.

 

ඒ කෙසේ වෙතත් බණ්ඩාර සහෝදරයා ඇසූ එම දෙවැනි ප‍්‍රශ්නයට මාගේ පිළිතුර……..

“ප්‍රේමානිශංස පුළුල් සමාජ -ඓතිහාසික ආගමික හා තරමක දේශපාලන පසුබිමක් විනිවිද ගලා යන කෘතියක්. එය හුදු කියැවීමක් හා රස විඳීමක් ම නොවෙයි. ෙඡ්ද අතරමැද කියවීම නවතා මාගේ පෙර දැනුම (එය කොතරම් ප‍්‍රාථමික වුවත් )  මත සිතා බැලීමට ගත වූ කාලය තරමක් දිගයි. එමෙන්ම වැඩිදුර සොයා බැලීම සඳහා ගසාගත් කෙටි සටහන් බොහොමයිග මේවා පොත කියවා අවසන් කිරීමට කල් ගත වූ, ප‍්‍රමුඛ සාධක අතර. එමෙන් ම නන්විධ චරිත ජීවිත හා පරම්පරා අතර අන්තර් සබඳතා හා ප‍්‍රතිවිරෝධතා වල පසුබිම් කතාන්දර ද මෙම ප‍්‍රමාදයට හේතු.

අපි ප්‍රේමානිසංස සමග ඉතිහාසයේ කියවමු. සොබාදහම රස විඳිමු විවිධාකාර පුද්ගල සබඳතා වල ඒකමිතිය ද ප‍්‍රතිවිරෝධතාවන් ද අත් විඳිමු. ආගමික සම්ප‍්‍රදායන් ද ඒවායේ විවිධ මතිමතාන්තර ද ඒ සමඟම පිරික්සීමට ලක් කරමු. මේ කිසිදු ක්ෂේත‍්‍රයක් එවාට ම සීමා වූ දේ නොවේ. මේවා වඩා පුළුල් හා ගැඹුරු සමාජ දේශපාලන හැඩතල වල බලපෑමට හසු වී විකාශනය වන දෑ ය.

බණ්ඩාර සහෝදරයා තම චරිත මෙම සුවිශාල පරාසය තුළ හැසිරවීමේ අති මහත් අපහසු කාරියකට ප්‍රේමානිසංස තුළින් අතගසයි. අනෙක් අතට තම චරිත ත ඒවායේ අන්තර් සබඳතා හා ප‍්‍රතිවිරෝධතා මෙම විශාල ක්ෂේත‍්‍රය තුළ කිඳා බැස්සවීමේ අභියෝගයට ද මුහුණ දෙයි. එමෙන්ම යම් තැනක තම චරිත ඉහත දැක්වූ විවිධ ක්ෂේත‍්‍ර සමඟ ඇති සබඳතාවය දුර්වල වී බිඳී ගියහොත්,   “ ප්‍රේමානිසංශල හුදු ඉතිහාස වාර්තාකරණයක ට, පරිසර වර්ණනාවක ටල ආගමික වන්දනාකරණයකට හෝ දේශපාලන විචාරයකට ලඝු වී යාමේ අනතුරට ද මුහුණ දෙයි.

ටික දිනකින් පොත රස විඳ අවසන් වූ පසුව මා බණ්ඩාර සහෝදරයාට කෙටි පණිවිඩයක් යවමින් කියා සිටියා,’’ පොත කියවා අවසන් කළ බවත් එය එක හුස්මට කියවා අවසන් කළ හැකි කෘතියක් නොවන බවත් “ඉන් අනතුරුව අප අතර ප්‍රේමානිසංශ පිළිබඳ කෙටි සංවාදයක් ඇති වුවත්ල මා එම කරුණු මෙහි සඳහන් නොකරන්නේ එම විස්තර මින් අනතුරුව මෙම හීනි සටහනට ඇතුලත් වෙන නිසා.

දැන් ප්‍රේමානිසංස පිළිබඳ  මගේ වැඩි දුර කියවීම.

“ප්‍රේමානිශංස ”යට  හසුවන කාල සීමාව දැනට දෙසිය වසරකට පමණ පෙර සිට වත්මන දක්වා වෙයි ග මෙහි මුල් කාලය තුළ දිවයින තුළ දිවි ගෙවූ  සියලූ විවිධ ජන කොටස් තම තමනට විශේෂිත වූ ආකාරයට එහෙත් එක් පොදු සාධකයක බලපෑමට ගොදුරු/අනුගත වෙමින් තම පුද්ගලික හා සාමූහික ජීවිතය තනි – තනිවමත්, සාමූහිකවත් හැඩගසා ගැනීමේ අරගලයෙ හි නිරත වූවා.. මෙම පොදු සාධකය   “යටත්විජිතකරණය’’ ලෙස හඳුනා ගැනීම නිවැරදි බැව් මගේ වැටහීමයි.

“ප්‍රේමානිසංශ” කාලය ආරම්භ වන විට ලාංකික ජන සංයුතිය යුරෝපීය යටත් විජිතවාදී මැදිහත්වීමේ ආරම්භයෙන් පසු තෙ-සියවසක කාලය හා එයටත් පෙර රාජාණ්ඩු ‍ප‍්‍රාදේශීය බලවතුන් අතර විවිධ හුවමාරු හමුවේ සංකලනය වූ   “ජාතීන්” හා   “විදේශික” ජන කොටස්වලින් හා ඒවායේ අන්තර් සබඳතා වැනි සංයුක්ත හා සංකීර්ණ වෙමින්/වී පැවතිණි.

වඩාත් සංයුක්තවල   “ප්‍රේමානිසංස” එහි ප‍්‍රමුඛ ජීවිතවල මී මුත්තන්ගේ කාලය ඉංග‍්‍රීසි පාලන සමයෙහි මුල් යුගය හා එහි බලපෑම ලාංකික සමාජය තුල පැතිරීම සිදු වූ කාලයයි. එම කාල සීමාවේ හා එයටත් පෙර ලන්දේසි පාලන යුගයේ එහි අවසාන කාලය    “නිරු” ලාගේ හා   “සයුරු” ලාගේ  පුරුක් සමාජය තුළ එකිනෙකට වෙනස් වූ සමාජ මට්ටම් වලින් දිවයිනෙහි වෙනත් ප‍්‍රදේශ තුළ ක‍්‍රියාත්මකව සිටි කාලයයි.

 

කුමාරස්වාමි පරපුරෙහි මුල් පුරුකක් ලෙස සැලකෙන ආරුමුගම්පිල්ලේ 1700 මුල් ගණන්වල දකුණු ඉන්දියාවේ සිට ලන්දේසි පාලකයින්ගේ උවමනාව මත යාපනය ප‍්‍රදේශයට පැමිණි භාෂා පරිවර්තකයකු වියග ලන්දේසීන්ගෙ නියෝජිතයෙකු ලෙස පැමිණි ආරුමුගම්පිල්ලේට විවිධ සම්පත් (වත්කම්)  හා වරප‍්‍රසාද යටත්විජිත පාලකයින්ගෙන් ලැබෙන්නට ඇති. තවත් සියවසකට පමණ පසු මුතු කුමාරස්වාමිගේ පියා වන ආරුමුගම් කුමාරස්වාමි හට ඉංග‍්‍රීසි පාලකයින් “ GRATE MUDLIYAR” ගරු නාමය ප‍්‍රණාමය කිරීම දක්වා කාල සීමාව හා ඉන් අනතුරුවත් කුමාරස්වාමි ලා  ලන්දේසි සහ ඉංග‍්‍රීසි පාලකයින්ට උතුරේ පමණක් නොව මුළු දිවයින තුළම තම පාලනය පවත්වාගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබා දීමද සිදුවිය.

මේ නිසා  නිරුලා ගේ මුත්තලා ට තමන් ලබා සිටි වරප‍්‍රසාද පහසුකම් හා සමාජ තත්ත්වය මත ඉහළම වැදගතුන් ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටීමේ හැකියාව ලැබිණිග ඔවුන්ගේ ප‍්‍රධාන රංග භූමිය වූයේ යාපනය ප‍්‍රදේශයයග වරෙක සයුරු ප‍්‍රකාශ කරන ආකාරයට   “ඇගේ ආදිම මුතුන් මිත්තෝ යාපනය අර්ධද්වීපයේ හැම වැලි කැටයකට ම ආධිපත්‍යය දැරූහ.” (පිටුව 18)

මෙම යුගය වන විට දිවයින තුළ   “ජාතීන්” නිර්වචනය වී නොතිබුණි. ඒ සඳහා අවශ්‍ය සාධක නිර්ණය වීම අවසාන වී නොතිබුණි. මේ නිසාම   “ජාතිය”   “ආගම” වැනි සංකල්ප සමාජ තත්ත්වය, බලය හා සමාජ සම්පත් හමුවෙහි දෙවෙනි තෙවැනි තන්හි ලා සැලකිණි.  මේ ප‍්‍රමුඛ අවස්ථා හමුවේ ඔවුහු අවශ්‍ය විටෙක ක‍්‍රිස්තියානි /කතෝලික ආගම වැළඳ ගත්හ. පෘතුගීසි/ ලන්දේසි/ ඉංග‍්‍රීසි නම් භාවිතය ඇරැඹූහ. සමහරවිට තමන්ගේ දකුණූ ඉන්දියානු නම් හා භාෂාව අතහැර සිංහල ( දිවයිනෙහි ප‍්‍රමුඛ ජන කොටස)  නම් හා සිංහල භාෂාව වැලඳගත්හ.

දිවයිනෙහි උතුරේ හා දකුණේ පමණක් නොව අනෙකුත් ප‍්‍රදේශ වල ද මෙම ක‍්‍රියාදාමය සිදු වුණි. මෙහි කුමාරස්සාමීලා  හා පොන්නම්බලම්ලා, පමණක් නොව බණ්ඩාරනායකලා ජයවර්ධනලා හා කොතලාවලලා ආදීන් ද වූහ. අප රටවල සියලූ ජන කොටස් වලට කවා ඇති සාම්ප‍්‍රදායික චින්තන රටාව තුළ කුමන මට්ටමේ පොදු ජන විරෝධී කටයුතුවල යෙදුනත්, මෙම ජන කොටස ‘ගරු කටයුතු ’ සමාජ කොට්ඨාසයක් ලෙසත් ඔවුන්ගේ වසර සිය ගණනක සමාජ – දේශපාලන ක‍්‍රියාවලිය ‘සමාජ අනුකූල’ බවත් මුල්බැසගෙන තිබූ/ තිබෙන අදහස යි. තම ජීවන අත්දැකීම් තුළින් සයුරු මේ තත්ත්වය නිවැරදිව ග‍්‍රහණය කරගනියි.

 

“ මාගේ උරුම රේඛාවේ සිටින අපේ තාත්තලා සීයලා මෙන් ඇගේ උරුම රේඛාවේ එවැනි චරිත සිට ගෙන සිටියහ. නිර්මාණ ඉතිහාසය කුමක් ලිව්වත් කිව්වත් ලඇගේ උරුම රේඛාවේ මුලින් සිටි ඒ මුත්තන් ,කිත්තන්, කිරිකිත්තන් අපේ ඇත්තන් මෙන්ම මහපොළොව විකාගෙන ඉහලට නැගුනු උදවිය විය හැකිය. (202P)

ලෝක ධනේෂ්වරයේ වර්ධනීය තත්වයන් හා ලාංකික සමාජයේ නිරූලාගේ මුත්තන් අයත් සමාජ පැළැන්තියේ කාර්යභාරය 18 වන සියවස අවසානය හා 19 වන සියවස මුල් භාගය වන විට වෙනත් මුහුණුවරකට, එනම් යටත් විජිත පාලකයින්ගේ නියෝජිත තත්ත්වයේ සිට ලාංකික සමාජයේ ‘ආරක්ෂකයන් /ගොඩනගන්නන්’ ගේ තත්ත්වයට පත්විය. ඔවුන්ගේ සමාජ දැක්ම දිවයිනේ රදළ/ වැඩවසම් ජන බලවේග වලට සාපේක්ෂව ‘ප‍්‍රගතිගාමී’ හා නිදහස් වූ නමුත් ඔවුහු මූලධාර්මිකව අධිරාජ්‍ය ගැති බලවේගයක් විය. කෙසේ වෙතත් ඔවුනට සමාජය, ඉතිහාසය හා විවිධ දේශීය සම්පත් පිළිබඳව සාපේක්ෂ නිදහස් චින්තන රටාවක් තුළ කටයුතු කිරීමේ හැකියාව තිබුණි.

අනෙක් අතට ඔවුහු ලෝකයේ විවිධ කලාප තුළ පැතිර යමින් තිබුණු ප‍්‍රගතිශීලී සමාජ ව්‍යාපාර වලට සාපේක්ෂව පසුගාමී හා පටු චින්තන රටාවකට හිමිකම් පෑහ.

නිරූ තම සීයාගේ සමාජ දැක්ම ද ‘නිදහස් චින්තන’ රටාව ද ඉහළින් අගය කරමින්, ඒවායේ අගය සයුරුටද කියා දෙමින් හා ඒවා තවදුරටත් තේරුම් ගැනීමට උත්සාහ කරමින් ඔහුගේ අති විශාල චාරිකා සටහන් පසුපස හඹා යාමට උත්සුක වෙයි. නමුත් බොහෝ විට ඇය අතින් සිදුවන්නේ ආනන්ද කුමාරස්සාමි විචක්ෂණ බුද්ධියෙන් ග‍්‍රහණය කර ගත් දෑ අධ්‍යාත්මිකව රැුසංවේදනාත්මක ලෙස ග‍්‍රහණය කර ගැනීමයි .

කුමාරස්වාමි වලව්ව සොයා ගිය ගමනේ දී එය දකින්නට ලැබීමත් සමග ඇය මෙසේ කියයිග      “ ඉන්දියාවේ එයා ගිය තැන් වලට මම ගිහින් තියෙනවා. ඉන්දියාවේ සෘෂිවරුන් වැඩ සිටියා යයි කියන තැන් වලට…රමණ මහා සෘෂි භාවනා කරපු තැන මමයි අම්මයි දෙන්නා දවස් දෙකක් භාවනා කරලත් තියෙනවා. (178 පිටුව)

එමෙන්ම නිරූ විටින් විට පැළඳි ධර්මචක‍්‍රයල කුරුසිය ලහින්දු සංකේතයක් වන  ඕම්, අඩ සඳ හා තරුව ගුරු නානක්ගේ විශ්ව සංකේතය  මෝස්තර ලෙස ඇතුලත් කහ තැඹිලි මිශ‍්‍ර උතුරුසළුව…’’ (පිටුව 255)  ආදී නිරූගේ චරිතය විස්තර කෙරෙන සයුරුගේ අදහස් ඇය ලෝක සමාජයේ මුල් බැසගත් සමාජ සම්මුතීන් වල ‘සිරකාරියක්’ බවට සාධක.

ආගම්වල   “මිත්‍යා කොටස” අනුගමනය කිරීම තම ජීවිතයේ අනිවාර්ය අංගයක් කොට ගෙන ම ඇය වරෙක මෙසේ පවසයි . ‘‘ ආගම් කියන්නේ අපූරු මානව නිර්මාණයක්…. අපි ජීවත්වෙන්නේ ශිෂ්ටාචාරයේ ඒකට කරන්න පුළුවන් කාර්යභාරය නිම කරලා නිෂ්ක‍්‍රීය වෙන්න සූදානම් යුගයක…. විද්‍යාව වැඩිකල් නොයාම ආගම් වල මිථ්‍යාමය කොටස පරාජය කරාවි….(161P)

මෙය එක විදිහකට මට හැඟෙන්නේ   “හින්දු හා බෞද්ධ ආගම්වල මිත්‍යා මත” පිළිබඳව ප‍්‍රබන්ධයක් සම්පාදනය කළ තම සීයා වන ආනන්ද කුමාරස්වාමිගේ ආගමික චින්තන සීමාව තුළම රැඳී සිටින යුවතියකගේ ආත්ම ප‍්‍රකාශණයක් හැටියටයි.

නවීන විද්‍යාත්මක සොයා ගැනීම් මගින් රටවල් පුරා සංවිධානාත්මක හා අසංවිධානාත්මක ආගම් හා (ධර්ම)  වල පවුරු පදනමි බිඳ දමා දැනට වසර සියයකටත් වැඩි කලක් ගත වී අවසන්. ලොව පුරා සියළුම ආගම් (හා ධර්ම)  වල පැවැත්ම ඒවායේ සත්‍ය – අසත්‍ය භාවය මත රඳා නොපවතින බවත් , ආගම් වල පැවැත්ම ඒවායින් ප‍්‍රයෝජන ලබන ප‍්‍රමුඛ දේශපාලන බලවේගවල උවමනාව මත රඳා පවතින බවත්, මෙම විශය ක්ෂේත‍්‍රය  පිළිබඳව පරිස්සමින් කරුණු විමසා බලන කෙනෙකුට පෙනී යන කරුණක් බවයි මගේ හැඟීම.

දැන් අපි   “ප්‍රේමානිසංස” හි චරිත සංසරණය වන ලාංකික සමාජයේ තවත් ප‍්‍රමුඛ සමාජ – දේශපාලන පැතිකඩක් දෙස අවධානය යොමු කරමු.

සයුරු තම සමාජ ස්ථරයෙහි ආගමනය මෙසේ සටහන් කරයි. ‘‘මා අයත් වන්නේ පරම්පරා රේඛාවේ ඈත මායිමේ මුහුදුකරය තුළ අනන්‍යතාවය දිළිඳු ජංගම වෙළෙන්දෙකුගෙන් ඇරඹී  ආර්ථික සමෘද්ධියේ උපරිමය ළඟාකරගත්, එහෙත් ඉලක්කය සොයා යාම අවසන් නොවූ මිනිස් පරපුරක නූතන පරම්පරාවකටය. (346P)

මෙම දිවයින තුළ ගෝත‍්‍ර වැඩවසම් හා මුල් යටත් විජිත යුගයන් හි දී වරින් වර විවිධ හේතු මත අසල්වැසි මහා භූමිය වන ඉන්දියාවෙන් පැමිණි හා ගෙන ආ ජනකොටස්වලට සයුරුගේ  මුතුන් මිත්තනුත් අයත් වූ අතර,  මෙම ජන කොටස් දිවයිනෙහි විවිධ මුහුදුබඩ පෙදෙස්වල මුල් බැස ගැනීමත්ල එමෙන්ම ඔවුන් එම ප‍්‍රදේශ තුළ ප‍්‍රචලිත හා ප‍්‍රමුඛ භාෂාව හා ආගම වැළඳ ගැනීමත් සිදුවිය. අනිත් වැදගත් කරුණ වන්නේ මෙම ජන කොටස් දිවයින තුළ පැවති සමාජ ව්‍යුහයට අනුගත වීමත හා මෙම සංයුක්ත සමාජ- දේශපාලන ව්‍යූහය ඉන්දියානු මහ දේශයේ සම්ප‍්‍රදායයන් වලින් බැහැර වූවක් නො වීමයි.

ඉහත දැක්වූ ආකාරයට සයුරු ගේ මුතුන්මිත්තන් මෙම දිවයින තුල සමාජ ගතවීම නිරූගේ මුතුන්මිත්තන් මෙම දිවයින තුළ සමාජගත වීම හා සසඳා බලන විට වෙනස් ආකාරයකට සිදු විය.

සයුරු නිවැරදිව ග‍්‍රහණය කර ගන්නා ආකාරයට නිරූගේ සීයලා / මුත්තලා ‘‘ලෝක ඉතිහාසය පුරා බර අඩි තබමින් ඇවිද’’යන විට සයුරු ගේ සීයලා / මුත්තලා රට තුළ රේන්ද ව්‍යාපාරයෙන් හා වෙනත් ව්‍යාපාර වලින් මුදල් උපයමින් පොහොසතුන් වෙමින් හා වී සිටියහ..

මෙම සමාජ ස්ථර ද්වයටම පසුබිම උපකාරකය වූයේ ඒ වන විට දිවයින තුළ ස්ථාපිත වී තිබුණු යටත් විජිත රටාව තුළ විවිධ අංග ලක්ෂණ බව වැදගත් කරුණක්.

නිරූලාගේ සීයලා / මුත්තලාට එක් එක් යුගවල රටේ ප‍්‍රාදේශීය බලවතුන් / වැදගතුන් ලෙස සිටීමට යුරෝපීය පාලකයන්ගේ සෘජු අනුග‍්‍රහය ලැබිණි.  සයුරුගේ මුතුන් මිත්තන් හට මෙම වාසිය නොවීය. නමුත් ඔවුනට තම ධන-වර්ධන කටයුතු සඳහා රට තුළ ව්‍යාප්ත වී හා වෙමින් පැවතුණු ධනේශ්වර යටත්විජිත සමාජ රටාව මගින් ජනනය කෙරුණු විවිධ වෙළෙඳ ව්‍යාපාර අවස්ථාවන්ගේ ප‍්‍රයෝජනය ලබා ගත හැකි විය. ඒ අතරම ‘මහ ජාතියේ ’ සාමාජිකයන් වෙමින් ඔවුන්ගේ ඓතිහාසික (වැඩවසම්)   ජීවන රටාව බිඳගෙන වඩාත් පුළුල් සමාජ වාතාවරණයකට අවතීර්ණවීම ද ඔවුන් අතින් සිදුවිය. එමෙන්ම ඔවුනට ජාතිය හා ආගම ආදී ‘ආයුධ’ වල පිටුබලය තම ව්‍යාපාරික ඉදිරි ගමනට නිරතුරුවම අවශ්‍ය විය. සයුරු වරෙක පෙන්වා දෙන ආකාරයට ‘‘…සිංහල බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයට බොහෝ ව්‍යාපාරිකයෝ උදව් කළෝය. ඒ උදව් කරන්නන් අතර ඇන්ඩෘ ද එස්. විලමුලගේ, මගේ සීයා ද, (59 P)  සාමාජිකයෙකු විය.

නිරූගේ හා සයුරු ගේ මුතුන්මිත්තන් තම සමාජ පන්ති හා ස්ථරවල ආර්ථික දේශපාලන බලය වෙනුවෙන් කටයුතු කරන අතරේ ම දහනවවන සියවස අවසාන යුගය සහ විසිවන සියවස මුල් භාගයේ තමන්ගේ සාපේක්ෂ ආර්ථික ස්වාධීනත්වය වෙනුවෙන් දේශපාලන ස්වාධීනත්වය ලබා ගැනීමේ සටන ද ආරම්භ වී තිබිණි.

වෙනසකට තිබුණේ නිරූගේ පැලැන්තිය   “මුළු රට   “වෙනුවෙන් සාපේක්ෂව  පුළුල් ආස්ථානයක සිට තම සටන් ගෙනයාමත් සයුරු ගේ පැලැන්තිය ජාති හා ආගම් වෙනස්කම් ඉස්මතු කරමින් ජාතික ස්වාධීනත්වය වෙනුවෙන් සටන අතරතුරම තම ස්ථාවරත්වය ස්ථාපිත කරගැනීමේ සාපේක්ෂව පටු අරගලයක ද නිරත වීමයි.

දහනවවන සියවස අවසන් වන කාලය වන විට රටේ එවකට ස්ථාපිත වී තිබුණු සිංහල හා ද්‍රවිඩ ජාතික සීමාවන්ට යටත් නොවෙමින් නිරූලාගේ සීයලා  CEYLON NATIONAL ASSOCIATION ( 1888 )  පසුව ලංකා ජාතික සංගමය බවට පත්වූ Ceylon Reform Legue හා Ceylon Social Service Legue  වෑනි සංවිධාන හරහා ද‍්‍රවිඩ සිංහල භේදයකින් තොරව පොදු අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටියහග පසුව ලංකා ජාතික සංගමය (1919)  බිහි වන විට එවකට රට තුළ ද්‍රවිඩ හා සිංහල ඉහළ පැළැන්තියේ ප‍්‍රමුඛ චරිත වල නායකත්වය මෙම දේශපාලන ස්වාධීනත්ව සටනට ලැබිණි.

විසිවන සියවස මුල් භාගය වන විටල සයුරු ගේ සීයලාට ද දේශපාලන කර්තව්‍යයක් තිබුණි. එය එක් අතකට   “යටත්විජිතකරණ විරෝධී’’ වූ අතර අනෙක් අතට එම ව්‍යාපාරය තම පරපුරෙහි ආර්ථික ආධිපත්‍යය පිණිස විය. අනගාරික ධර්මපාලගේ සිංහල බෞද්ධ  පුනර්ජීවන ව්‍යාපාරයෙහි ආර්ථික දේශපාලන අරුත එයයි. මෙහිදී අනගාරික ධර්මපාලට අමතරව පියදාස සිරිසේන හා වලිසිංහ හරිස්චන්ද්‍ර ආදීන්ගේ දායකත්වය ද කැපී පෙනිණග

ඉහත සඳහන් කළ ආකාරයට බණ්ඩාර සහෝදරයා පසුගිය වසර දෙසීයක පමණ කාලසීමාව තුළ දිවයිනේ විවිධ ජන කොටස් හා ඒවායේ අන්තර් ක‍්‍රියාකාරීත්වය ප්‍රේමානිසංශය තුළින් මැනවින් විදහා දක්වා ඇති බැව් මගේ අදහසයි. ප්‍රේමානිසංශය හි ආදර අරගලය පිළිබඳව තරමක විමසීමකට මේ අවස්ථාව යයි හැඟෙ.

නිරූ තම ජීවන චාරිකාව ගෙන යන්නේ ප්‍රේමානිශංසයෙහි සම ප‍්‍රධාන චරිතය වන සයුරු සමඟයි. ඇය සයුරු ගේ ජීවන සිතුම් පැතුම් අර්බුදයන් ගේ හිමිකාරිය වන අතරම,  සයුරුගේ ජීවන සලකුණු තම ජීවන චරියාවන් වඩාත් මුවහත් කර ගැනීමෙහිලා ද උපයෝගී කොටගනී. එමෙන්ම ඇයගේ පාරම්පරික උරුමයන්ගේ සාම්ප‍්‍රදායික ශක්තිය සයුරු වෙත දමා ගසමින් ම එම සාම්ප‍්‍රදායික උරුමයන් යම් ප‍්‍රශ්නාර්ථයකට ලක්කරන යුවතියකගේ චරිත ලක්ෂණ ද පෙන්නුම් කරයි.

ඇය මෙසේ කියයි ,   “මගේ මුත්තා ඇත්තක් තරමට ලොකු බොරුවක් කා වද්දගෙන ඒ අනුව එයයි එයාගෙ  නෑයොයි ජීවිතය අස්සෙ තියෙන ආත්මීය මහේශාක්‍ය කම හදාගත්තා.   “

ඒ අතරම සයුරු තවමත් තම පරම්පරා උරුමයක් ලෙස පවතින වැඩවසම් චින්තන රටාවෙන් ගැලවී නොමැති බව පසක් කරමින්, රාධිකා කුමාරස්වාමි ලියූ ඇත්ත වෙනුවට එතෙක් තිබූ බොරුව විශ්වාස කරන්නේ…. ,නිරූගෙ ඉහළ සමාජ තත්ත්වය තමාගේ ආදරයට ද යම් අප‍්‍රකාශිත වටිනාකමක් සහ ආශ්වාදයක් එකතු කොට ඇති බවද හඟවමින්.

ආදරය යනු   “ඔයයි මමයි” දෙයක් නොවන බව මාගේ හැඟීමයි. විවිධාකාර වූ සමාජ ආර්ථික හා දේශපාලන වාතාවරණයන් තුල ඒවායේ සෘජු හා වක‍්‍ර බලපෑම් සමඟම දෙදෙනකු අතර ඇතිවන බැඳීමක් ලෙස මම ආදරය දකිමිග ඒ අරුතින් ගත් කල ආදරය   “ඔයයි මමයි” දෙයකට වඩා පළල් හා ගැඹුරු සංකල්පයක් බවයි මාගේ වටහා ගැනීම.

තම තමන්ට විශේෂිත වූ සමාජ පසුබිමක හා පාරම්පරික සම්ප‍්‍රදායකට උරුමකම් පුළුල්ව හා සංකීර්ණ ව අප වෙත ගෙනඑමින් ම එක විධියකට ඒවායේ ප‍්‍රතිඵලයක් ලෙස ම එකිනෙකා අතර පවතින මානසික හා කායික සබඳතා වල සංකීර්ණත්වය සුමට ලෙස හා සිත්ගන්නා සුළු ආකාරයට ඉදිරිපත් කිරීමට බණ්ඩාර සහෝදරයා සමත් වෙයි.

“සයුරු ඔයාගෙ ගනුදෙනු තාත්තා එක්ක බලාගන්න. මින් පස්සේ ඔයාගේ මිනිස්සුන්ගෙන් මට අපහාස කරවන්න ඉඩ තියන්න එපා…. අනෙක මතක ඇතුව මෙයාලට මගේ දෙමළකම ගැනත් කියලා දෙන්නග… ඇය යන්නට ගියාය….” (186P)

ඈ යන්න ගියා ය. සිය පරම්පරාවේ උරුමයේ අහංකාරය දල රැගෙන ඇය යන්නට ගියාය. නමුත් ඒ ඔහු ගේ/ඔහු ගැන ආදරය අතහැර නොවේ.

මේ නිරූ/ සයුරු ආදර බන්ධනය ඔවුන් වටකොට ඇති සාම්ප‍්‍රදායික සමාජීය බන්ධනයන්ගෙන් නිදහස් නොමැති බවත් නිරූගේ නිදහස් ජීවන රටාව සයුරුගේ ජීවන බන්ධනයන්ට අභියෝග කරමින් ම මෙම අරගලයන් ඔවුන්ගේ ආදරයේ ම කොටසක් බව බණ්ඩාර සහෝදරයා අපට පෙන්වා දෙන ආකාරය .

වෙන්වීමේ කම්පනය සයුරු විඳගන්නේ නිරූ ප‍්‍රතික‍්‍රියා කළ ආකාරයට වෙනස්ව ,   “සයුරු…. මට වෙනස් වෙන්න  ඕන වුණා…” (256P)  නිරූ ලියයි. එයට පිළිතුරු ලෙස,   “නිරූ, නොසන්සුන් ව ගෙවූ කාලයේ මං කළේ කුමක්ද නොකළේ කුමක්ද කියලා මට මතක නැහැ   “ සයුරු ලියයි.

මේ ප්‍රේමානිසංශය තුළ එහි ප‍්‍රධාන චරිත ද්වය ගොඩගැනීමේ කූටප‍්‍රාප්තිය බව මගේ වැටහීමයි “ ‘‘…….ආදරය පිළිබඳ හුඟක් නිර්වචන තියෙනවා …. (250p)  නිරු එසේ කියන විට ඇය ඉතාමත් නිවැරදි බව මගේ හැඟීමයි ගආදරේ කිසිවිටක ප‍්‍රස්තුත පුද්ගලයන්ගේ   “මානසික උරුමයන්” ගෙන් මිදී පවතින්නක් නොවේ. එය ශෘංගාරාත්මක විය යුතු යැයි ද හෝ  එය එසේ නොවිය යුතු යැයි ද නියමයක් නොමැත.

“ප්‍රේමානිශංස” යෙහි ප‍්‍රමුඛ චරිත රළු ලෙස කොටස් දෙකකට බෙදීමට හැකි බැව් මගේ අදහසයි. එක් කොටසක් තමන්ගේ අතීත උරුමයන් ගෙන් ලැබුණු සාපේක්ෂ පසුගාමී චින්තන රටාව තුළ සිර වුනු හෝ එහි බලපෑමට යටත් වුණු සයුරු ගේ පියා මව හා ලොකු හාමුදුරුවෝ. අනෙක් අතට සාපේක්ෂ නිදහස් චින්තනයකට හිමිකම් කියන නිරූ කෙවින් හා සොෆියාග සයුරු හා නිරුගේ මව එක් ආකාරයකට මෙම කොටස් දෙක අතර දෝලනය වන චරිත බැව් මාගේ හැඟීමයි.

මෙහිදී මට ඉස්මතු කොට දැක්විය යුතු වන්නේ ප්‍රේමානිශංස තුළ වඩාත් නිදහස් චරිත හා එයින් ආස්වාදය ලබන චරිත තුළ   “භාවනාව” පිළිබඳව ඇති දැඩි විශ්වාසයයි. මෙහි දී ඔව්හු එකිනෙකට පටහැනි සම්ප‍්‍රදායන්ගේ විධි ක‍්‍රම කිසිදු ප‍්‍රශ්න කිරීමකට ලක් නොකර අනුගමනය කරති. වරෙක එය බෞද්ධ ය , වරෙක එය හින්දු ය ලවරෙක එය මල් කෙමියක පහස සමගය. මේ සියල්ල එක ලෙස දකිති. මේ සම්ප‍්‍රදායන්ගේ නිවැරදි දෙය උකහා ගත යුතු යැයි සිතති.

කෙසේ වෙතත්, මෙම චරිත පවත්නා සම්ප‍්‍රදායන්හි ඓතිහාසික වර්ධනයන් හා වර්තමාන සමාජය තුළ ඒවායේ කාර්යභාරය හා ඒවා රඳා පවතින හේතු පිළිබඳව සැලකිල්ලට නොගනිති.  මා මේ අදහස් ඉදිරිපත් කරන්නේ ප්‍රේමානිශංස තුළ නිදහස් චරිත නිදහස් වීමට තව දුර යා යුතු යැයි පෙන්වීමටයිග

“ අන්තිමට සිද්ධ වුණේ එයාව ගිජුළිහිණියෙකුට බඩගිනි නිවාගන්න දීලා හිස් අතින් ආපසු යන්න….(414P) ”

බණ්ඩාර සහෝදරයා මේ කියන්නේ , අතීත හා වර්තමාන ලෝක බලවතුන්ගේ විවිධාකාර ග‍්‍රහණයන්ට පාත‍්‍ර වෙමින්, මෙම දිවයින තුළ ජීවත්වන ප‍්‍රමුඛ ජනවර්ග වන සිංහල හා ද‍්‍රවීඩ ජනකොටස්වල අපේක්ෂා නැමැති ගර්භාෂයෙහි පිළිසිඳුනු/ පලදරණ යහපත් දේශයක් තවත් දුර බව ද?

බණ්ඩාර සහෝදරය,

“ප්‍රේමානිසංස” පිළිබඳව මගේ ඉහත අදහස් සාරාංශකරණය කිරීමට අදහස් නොකරන්නේ, ඔබ මෙම කෘතිය තුළට කාවද්දා ඇති කල්පනා ක්ෂේත‍්‍රය ලෙහෙසියෙන් සාරාංශකරණය කළ නොහැකි නිසායි . එය ඉතා පුළුල්.

බණ්ඩාර සහෝදරයාට ජය පතමි!

-ජයලත් සමරක්කොඩි