චන්ද්රරත්න බණ්ඩාරයන්ගේ ප්රේමානිශංස මා මැතකදි කියවු අපුර්වතම නවකතාව යයි කිමට මම කිසි විටෙකත් පසු බට නොවෙමි. ප්රේමය නම් වු මා හැඟි හැඟීමත්, ප්රේමය අත්පත් කර ගැනීමේ ප්රේක්ෂාව යමෙකුගේ හද තුළ දැල් වුණු පසු ඉන් මිදි නොයාමට ඔහුට හෝ ඇයට තම අති අභ්යන්තරය තුළින්ම පැන නැගෙන්නා වු පෙළඹවිමත්, ඉතිහාසකරණය නම් වු පේයාව තුළ දියකර මුසු කර නූතනත්වයේ ඉසව්වකට කියවන්නිය කැඳවා යන ඉතා සුහුරු සුමට ප්රබන්ධයකැයි මට සිතේ. එහි පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට වින්දනය කිරීම වෙනස්ම වු කියවිමක් වන අතර සමස්ථයක් ලෙස ප්රධන්ධය විඳීම වෙනස්ම හැඟීමක් ජනිත කරවන අභ්යාසයකි. අප ප්රේමයේ දි අත්විඳින්නාවු ලෝකය වරෙක සයුරු තුළින්ද තවත් වරෙක නිරූ තුළින්ද තවත් වරෙක සොෆිසා තුළින්ද අපටම කියවා ගැනීමට ඉඩ හරිමින් නිම වු අපූරු වියමනකි එය. අපගේ සංස්කෘතින් තුළ අපගේ මිනිස් පැවැත්ම දිගේලි කර ඇති සිමාවෙන් මිදිමට අපට බල කරන කෘතියක් ලෙස මෙය මා වඩාත්ම සිත් ගනි. විශේෂයෙන්ම සයුරු සහ නිරූගේ ස්ථිරසාර මානව බැඳිමත් සයුරු සහ සොෆියාගේ පවත්නා මොහොත ආලෝනය කරන්නා වු සොඳුරු චාරිකාවත් තල ද්වයක අපව රඳවමින් මිනිස් සංකීර්ණතා තුළම එය ජීවිතයේ ස්වාභාවය සේ වැළඳ ගනිමින්ම එය ජිවිතයෙන් පිටමං කිරිම සඳහා සයුරුගේ හෘද සාක්ෂිය තුළින් කෙරෙන බලපෑම අප තුළ ඇති කරනුලබන තිගැස්ම සුළුපටු නොවේ.
ප්රබන්ධකරණයේ දි අපගේ අවධානය යොමු විය යුතු සියුම් වියමන් රටා තුළ කියවන්නිය වෙහෙසට පත් නොකරන නමුත් මතුපිට ලිවීමෙන් ඔබ්බෙහි පිහිටියා වු තලයක කියවන්නිය ස්ථානගත කිරීමේ කලාව මේ කෘතිය සියුම්ව කිවන්නෙකුට විඳගත හැකි යයි සිතේ.
සමස්ථ අර්ථයෙන්ම මා වශිකල සහ ඇතැම්විට මා මුසපත් කළ මේ කෘතිය විශ්ව සාහිත්යයට එක් විය යුතු කෘතියකැයි මම සිතමි
@සෝමසිරි ඒකනායක